කීර්ති ප්‍රනාන්දු
මේ දිනවල සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ සලකා බැලිමේ දී රෝගීගෙන් සියයට පනහක් කොවිඩ් ආසාදිතයන් බව බිම් මට්ටමේ සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
මේ පිළිබඳව කළ විමසීමක දී කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඒ. යු. ටී . කුලතිලක ප්‍රකාශ කළේ වෛරසයේ ඉතාම සීඝ්‍ර පැතිරී යාමක් සමාජයෙන් වාර්තාවන බවත් කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පුද්ගලයන් 70 දෙනකු හට සිදු කළ පී. සී. ආර්. පරීක්ෂණවලින් 49 දෙනකු කොරෝනා ආසාදිත බවට ඊයෙ (04) සවස වාර්තා වූ බවත්ය.
මෙම හඳුනාගත් ආසාදිතයන් පිරිස අතර එන්නත් තුනම ලබාගත් වයස අවුරුදු 40 ත් 60 ත් අතර වියේ පසුවන ගැහැණු සහ පිරිමි අයවලුන්ද සිටින බව ද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කීවේය.