අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාචක සංගම් ?… නුවර නීතිය ක්‍රියාත්මක කරන උදවිය නිදි ද?

by editor
ජූනි 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

(නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ සමග කළ සාකච්ඡාවක් ඇසුරිනි.)

ඊයේ (26) දළදා ම‍ාළිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේ පැවති පෙරහර සංවිධාන කමිටු රැස්වීම අතරේ මහනුවර නාගරික කොමසාරිස්වරිය අපූරු හෙළිදරව්වක් කළාය. ඒ මහනුවර දළදා පෙරහර මංගල්‍ය සමගේ වීදිවල සරන යාචකයින් ඉවත් කිරීම පිළිබඳ ගන්නා පියවර සම්බන්ධ සාකච්ඡාවේ දී ය.

එහිදී යාචක කණ්ඩායමක් මහනුවර නාගරික කොමසාරිස්වරියට දැන්වූ බව කියන්නේ යාචකයන් ඒ සම්බන්ධව ගන්නා තීන්දුව පිළිබඳව යාචක සංගමය සමග සාකච්ඡා කර නාගරික කොමසාරිස්වරියට දන්වන බවය.

එක්කෝ මහනුවර නාගරික කොමසාරිස්වරිය නීතිය දන්නේ නැත. එසේත් නොමැතිනම් එතුමිය මේ කතාව හුදු කතාවක් ලෙස ඒ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඇත. මක්නිසාද යත් රටේ නිතිය අනුව නම් යාචකයෙක් මෙවැනි ප්‍රකාශයක් කර ඇති බව වාර්තාවන විට ඒ සම්බන්ධව දැඩිව විමසා කටයුතු කළ යුතු මානයක් ඇති බැවිනි.

ඊට දැක්විය හැකි හේතු රැසකි. මේ අවස්ථාව පිළිබඳ නෛතික පැහැදිලි කිරිම මෙසේ සටහන් කරන්නේ එය පුරවැසි වගකීමක් කොට සලකාගෙනය.

සිඟාකෑම අපේ රටේ නීතියෙන් තහනම් කොට ඇති ‘‘අපරාධයකි’’. මේ හා සම්බන්ධ පැරණිම පනත් අතර 1841 අංක 4 දරන අයාල ආඥා පනතේ 3 (අ) වගන්තියට අනුව වැඩ කිරීමෙන් හෝ වෙනත් ක‍්‍රම මගින් තම නඩත්තුව සලසාගත හැකි එහෙත් සිය කැමැත්තෙන්ම එසේ කිරීම ප‍්‍රතික්ෂේප කරන හෝ එසේ කිරීම නොසලකා හරින්නා වූත් ප‍්‍රසිද්ධ ස්ථානයක වීදියක මහා මාර්ගයක අංගනයක හෝ පටු මඟක සිඟමන් ඉල්ලීම හෝ දන් පිණිස රැඳී සිටින්නා වූත් එසේ කිරීම පිණිස තම පවුලේ කෙනකු යොදවන්නා වූ මෙහෙය වන්නා වූ හෝ පොළඹවන්නා වූත් සෑම කෙනෙක්ම සහ එම ආඥා පනතේ 4 (ඈ) වගන්තියට අනුව තැන තැන ඇවිදිමින් හෝ කිසියම් ප‍්‍රසිද්ධ ස්ථානයක වීදියක මහාමාර්ගයක අංගනයක හෝ ගමන් මගක රැඳී සිටිමින් තුවාල විකෘතිභාවය ලාදුරු හෝ වෙනත් පිළිකුල් සහගත රෝග ප‍්‍රදර්ශනය කරමින් සිඟමන් ලබාගන්නා සෑම පුද්ගලයෙක්ම වරදක් කරන බව දක්වා ඇත.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

එසේම එම ආඥා පනතේ 4 (ඉ) වගන්තියේ දක්වා ඇත්තේ කවර හෝ ආකාරයක අසත්‍ය හෝ වංචාකාරී රැවටිලි මගින් තමා සඳහා හෝ අන්‍යයන් සඳහා පුණ්‍යාධාර ලබා ගැනීමට තැත් කරන්නාවූ හෝ දානමාන රැස්කරමින් යන්නා වූ සෑම පුද්ගලයෙක්ම වරදක් කරන අතර පොලිස් නිලධාරීන්ට වරෙන්තුවක් නොමැතිව මොවුන් අත්අඩංගුවට ගත හැකි බවටත් දඬුවම් වශයෙන් බන්ධනාගාරගත කිරීම සහ දඩ මුදල් අයකර ගැනීම් සිදු කළ හැකි බවත් දක්වා තිබේ..

මේ අනුව පොදුවේ සියලූ ආකාරයේ සිඟාකෑම් මේ අනුව අපේ රටේ නීතියෙන් තහනම් කොට ඇති බව පැහැදිලිය.

දරුවන් යොදාගෙන සිඟාකෑම පිළිබඳව අපේ රටේ ප‍්‍රධාන අපරාධ නීතිය වන දණ්ඩ නීති සංග‍්‍රහයේ 288 (1) වගන්තිය මෙසේ ප‍්‍රකාශ කර ඇත.

‘‘සිඟාකෑම හෝ දන් ලැබීමේ හෝ දන් දීමට පෙළඹ වීමේ කාර්ය සඳහා (යම් සින්දු කීමේ, ක‍්‍රීඩා කිරීමේ, රංගනයේ යෙදීමේ, යම් දෙයක් විකිණීමට ඉදිරිපත් කිරීමේ හෝ වෙනත් ආකාරයක ව්‍යාපාරයක් ඇතත් නැතත්) යම් විදියක ස්ථානයක හෝ තැනක සිටීමට ළමයෙකුට සලස්වන හෝ කුට්ටනය කරන කවර හෝ තැනැත්තකු වරදක් කරනු ලැබූ විට අවුරුදු පහකට නොවැඩි කාලයකට දෙයාකාරයකින් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් ද දඬුවම් කරනු ලැබිය යුතු අතර දඩයකට ද යටත් විය යුතුය” එසේම අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 287 වගන්තියෙන් දක්වා ඇත්තේ එවන් වරදක් කරන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව පොලිසියට අත්තඩංගුවට ගත හැකි අතර එම වරද ඇප ලබා දිය නොහැකි වරදක් ලෙස ද සමතයකට පත්කළ නොහැකි වරදක් ලෙස ද දක්වා ඇත.

1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතේ 40 වගන්තියේ දක්වා ඇත්තේ ළමා අපචාර යන්නට දණ්ඩ නීති සංග‍්‍රහයේ 288 වගන්තියේ දක්වා ඇති ළමයින් සිඟමනේ යෙදවීමද අයත් වන බවයි. එසේම 1998 අංක 28 දරන අපරාධ නඩු විධිවිධාන (සංශෝධන) පනතේ 2 (1) හි ළමා අපචාර යන්න ද ඒ අයුරින්ම අර්ථ දක්වා තිබේ.

මීට අමතරව 1939 අංක 48 දරන ළමා හා යෞවන ආඥා පනතේ 74 වගන්තියට අනුව දෙමාපියන් නොවන පුද්ගලයන් විසින් දරුවන් සිඟමනේ යෙදවීම තහනම් කොට ඇත. ඒ සඳහා වසරක කාලයක් දක්වා දෙයාකාරයකින් එක් ආකාරයක සිර දඬුවම් සහ දඩ නියම කොට ඇත.

තවද දරුවාගේ භාරකාරත්වය දරා සිටිමින් දරුවාගේ සෞඛ්‍යයට හානිකර වන ලෙස යම් රසායන ද්‍රව්‍යයක් දරුවාට ශරීරගත කොට තිබේ නම් දණ්ඩ නීති සංග‍්‍රහයේ 308 (අ) වගන්තිය අනුව දරුවා කෲරත්වයට පත්කිරීම සම්බන්ධව වසර 2 සිට 10 දක්වා කාලයක් බරපතළ වැඩ සහිතව හෝ රහිතව සිර දඬුවම් සහ දඩයක් නියම කළ හැක.

මේ සියලු නෛතික ප්‍රතිපාදන සකස් කර ඇත්තේ රටේ සිඟා කෑම වැලැක්වීම සඳහාය. එය නීති විරෝධී අපරාධයක් ලෙස වූ නෛතික අර්තකථනය පැහැදලිිය. එවැනි පසුබිමක යාචකයින් සංගමයක් පිහිටුවාගෙන සංවිධානය වීම යනු රටේ නිතීය ක්‍රියාත්මක වීමේ දුප්පත්කම පිළිබඳ මහපාරේ දී ප්‍රකටවන නිදර්ශනයකි. සමාජයේ ඇති මානුෂීය ආකල්ප අවභාවිතා වීමේ ආදිනව යළිත් වරක් අයහපත් ලෙස බලපාන්නේ සමාජයට ය. එය අවධාරණය කළ යුතුව තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ අවුරුද්දේ යළිත් ගුරු වැටුප් වැඩි වෙන්නෙ නෑ… ජනපති මල්වතු මහා නා හිමිට දන්වයි!

Next Post

චාවකච්චේරියේ මිනිස්සු රත්තරන් සොයා කුණු කන්දක් අවුස්සති!

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.