කොවිඩ් ආසාදිත රෝගියෙකු හෝ නිරෝධායනට යොමුව සිටින පුද්ගලයින් නිවසේදී ප්‍රතිජීවක ඖෂධයන් භාවිතකිරිමට කිසිවිටෙකත් කටයුතු නොකළ යුතු බව කොළඹ විශ්ව විද්‍යාලයේ ඖෂධ පිලිබද මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය සදහන් කරයි.
ප්‍රතිජීවක ඖෂධ ලබා ගන්නේ නම් වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ රෝහලක් තුළ එය ලබා ගත යුතු වන අතර ඇතැමි ප්‍රතිජීවක ඖෂධයන් ශරීරයේ ප්‍රතිශක්තිය අවම කිරීමට ක්‍රියා කරන බවද ඇය පෙන්වාදේ.
කොවිඩ් ආසාදිත වූවෙකුගේ ශරීරයේ ප්‍රතිශක්තිය අවම කිරිම කොවිඩ් රෝග තත්ත්වය උත්සන් කිරිමට හේතුවක් විය හැකි බවද එය එම තැනැත්තාගේ ජීවිතයට දැඩි අනතුරුදායක තත්ත්වයන් මතු කිරිමට හේතුවක් විය හැකි යැයිද මහාචාර්යවරිය සඳහන් කරයි.
ඇතැම් ප්‍රතිජීවක ඖෂධයන් ප්‍රතිරෝධයක් දැක්විය හැකි බැවින් එය රෝගියාගේ සෞඛ්‍යයට ඉතා බරපතල තත්ත්වක් ඇති කිරීමට හේතුවිය හැකි යැයිද ඇය පෙන්වාදේ.