කීර්ති ප්‍රනාන්දු –
කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා දෙකම සම්පූර්ණයෙන් ලබාගෙන එන්නත්කරණය සම්පූර්ණ කළ පුද්ගලයින්ව සහතික කිරීමේ ඩිජිටල් කාර්ඩ් පතක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යා කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
ඒ අනුව සැප්තැම්බර 15 දාට පසුව එම කාර්ඩ්පත නිකුත් කරන බව අමාත්‍යවරයා කියයි.
අවුරුදු 30ට වැඩි දෙවන එන්නත් මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් පිරිස සැප්තැම්බර් මස මුල් සතිය වනවිට සියයට 75ක ප්‍රතිශතයක් ගනු ඇති බවට අපේක්ෂා කරන බවද සෞඛ්‍ය ඇමතිවරයා කියයි.
ඒ අනුව මෙම තත්වය පදනම් කරගෙන මෙම ඩිජිටල් කාර්ඩ්පත නිකුත් කිරීමට පියවර ගන්නා බවද ඔහු කියයි.