සෙනසුරාදා, ජූනි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

වාහනේට රසායන ද්‍රව්‍ය ගැසුවේ පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ – සම්බන්ධීකරණ ලේකම් කියයි…

ශ්‍රී දළදා පෙරහර ඇරඹුණ දා ඇවිලුණු නිලමෙලාගේ ඇසිඩ් කෙළිය සඳුදා අධිකරණයට...

by editor
අගෝස්තු 14, 2021
in සමාජ
Acid
Share on FacebookShare on Twitter
  • මීට කලින් තර්ජනය කරලා තිබුණා. කප් සිටුවා තුන්වන ඇතුළු පෙරහර සංචාරය කරද්දි පත්තිනි දේවාලයේ බස්නායක නිලමෙ මගෙ ඔළුව පරිස්සම් කරගන්න කියලා පණිවිඩයක් එවුවා. – නාථ දේවාලයේ බස්නායක නිලමේ වරයාගේ සම්බන්ධීකරණ ලේකම් දීඝායු අබේනායක.

  • තරහ මරහා තිබුණට පෙරහර පටන් ගත්ත දවසෙ මෙහෙම බාලාංශ වැඩ කරන්නෙ නෑ… ගහනවා නම් එළිපිට.. අතින් පයින්… – පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර

  • කවුරුත් ගැන මට සැක නෑ… නමුත් මේ වැඩේ කරන්න පුලුවන් පෙරහරට සම්බන්ධ කෙනෙකුට පමණයි… ඒ නිසා පරීක්ෂණ තියන්න – නාථ දේවාලයේ බස්නායක නිලමේ නීතිඥ ගයාන් හීන්කෙන්ද

තමන්ගේ වාහනයට සහ නාථ දේවාලයේ බස්නායක නිලමේ වරයාගේ වාහනයට රසායනික ද්‍රව්‍ය ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ   පත්තිනි දේවාලයේ වත්මන් බස්නායක නිලමේවරයා වන හේමන්ත බණ්ඩාර යැයි තමන් සැක කරන බව   මහනුවර නාථ දේවාලයේ සහ මහියංගනය සමන් දේවාලයේ බස්නායක නිලමේ වරයාගේ සම්බන්ධීකරණ ලේකම් දීගායු අබේනායක ලංකාසරට පැවසීය.

තමන්ට වෙනත් විරුද්ධවාදීන් නොමැති බව කී සම්බන්ධීකරණ ලේකම්වරයා තමන් හා විරසකයක් ඇත්තේ  පත්තිනි දේවාලයේ බස්නායක නිළමේ වරයා බව ද කීවේය.  අවස්ථා කීපයක දීම තමන්ට තර්ජනය කර ඇති ඔහු කළ ආසන්නම තර්ජනය    කප් සිටුවා තුන්වන ඇතුළු පෙරහර ගමන් කරන විට සිදුකළ බවත්,    මල් කඩේ ළමයෙකු අත  ඔළුව පරිස්සම් කරගෙන ඉන්න කියන්න යැයි කියා එවා තිබූ බවත් ඔහු පැවසීය.

ඔහු පවසන්නේ මේ විරසකය ඇති වන්නේ තමන් පසුගියවර බස්නායක නිලමේවරයා තෝරන ඔහුගේ නිලවරණයට සහයෝගය ලබා නොදීම නිසා බවත් ඔහු කීය.

නාථ දේවාලයේ   බස්නායක නිලමේ වරයාගේ සම්බන්ධීකරණ ලේකම් දීගායු අබේනායක අප සමග කී සම්පූර්ණ කතාව මෙසේය.

RelatedPosts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

“ මා ඊයේ (14) පළමු කුඹල් පෙරහර ඉවර වෙලා නාථ දේවාල භූමියට ඇතුළුවුණා. දේවාල භූමියෙ තවදුරටත් රැඳී සිටියෙ  දෙවේල පෙරහර පටන් ගන්නකම්.   ඔහොම ඉන්න අතරෙ මට උණුවතුර ටිකක් බොන්න අවශ්‍යවෙලා වාහනය ලඟට ආවා උණුවතුර බෝතලය ගන්න. මාත් එක්ක පොලිස් මුරපලේ ඕ.අයි.සී මහත්තයත් ගියා. ඒ වගකීම පැවරිලා තිබුණෙ පල්ලෙකැලේ පොලිසියේ  පොලිස් ස්ථානාධිපති   සාන්ත බණ්ඩාරට. ඔහු මා සමග කතා කරමින්මයි වාහනය ලඟට ගියේ.

වාහනයෙන් වතුර බෝතලය අරන් ඉස්සරහින් එනකොට දැක්ක මොනවහරි රොඩු වගයක් බොනට් එක උඩ වැටිලා තියනවා. ඉන් පස්සෙ බලනකොට මොනවා හරි දියරයක් වැටිලා බොනට් එක මුලුමනින්ම පිච්චිලා. පිහදාන්න පිහදාන්න  ඇතුළට බහිනව වගේ දැනුණා.“

“ වාහනය නතර කරලා තිබුණේ නාථ දේවාලයේ නෙත් බෝධිය ඉස්සරහා වාහල්කඩ ලඟින් තියන ප්‍රභූ වාහන රථ ගාලෙ.  එතන නාථ දේවලයේ බස්නායක නිලමේ ගේ වාහනයත් කලින් නතර කරලා තිබුණෙ. ඔය කියන වෙලාවේ නාථ දේවාල බස්නාය නිලමේ වරයා වාහනයත් රැගෙන පිටත් වෙලා ගිහින්. ඒ නිසා මා එතුමට කතා කරලා ඇහුවා වාහනේ මොනවා හරි ගෑවිලා තිබුණ ද කියලා. එතුමා බලලා කිව්වා දොරේ ගෑවිලා තියනවා කියලා.

ඒ ගෑවුණු ද්‍රව්‍යයත් පිහ දානකොට තහඩුව කැඩි කැඩී යන බවත් එතුමා කිව්වා. ඉන් පසු මා  වහාම දියවඩන නිලමේවරයාටත් දළදා මාළිගා පොලිස් මුරපළේ පොලිස් ස්ථානාධිපති විපුල බණ්ඩාර මහතාටත්  මහනුවර පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක  හලංගොඩ මහතාටත් පොලිස් හදිසි ඇමතුම් අංශයටත් කතා කරලා මේ බව කිව්වා.ඒ මොහොතේම මේ ගැන හොයා බලන්න නිලධාරීන් ආවා.“

“මේ සිද්ධිය සම්බන්ධව මට සැකයක් තිබෙන්නෙ පත්තිනි දේවාලයේ වත්මන් නිලමේවරයාවන හේමන්ත බණ්ඩාර ගැනයි.  මොකද ගිය ජනවාරි මාසයේ එතුමා ගේ නිලවරණය සඳහා සහාය වන ලෙස මගෙන් ඉල්ලීමක් කළා. මීට පෙර අවස්ථාවල එතුමාට මා උදව් කළත් මෙවර මම ඊට එකඟ වුණේ නෑ.“

“මා වයස අවුරුදු 18 සිට දළදා භූමිය ඇසුරේ ජීවත් වුණ කෙනෙක්. 1984 නිශ්ශංක විජේර්තන් මහත්තයා තමයි මාව දළදා මාළිගාවට   එක්කරගෙන ආවේ. එතැන් පටන් මේ වනතුරු මාළිගාවත් හතර මහා දේවාලයත් එක්ක තමයි වැඩ කරන්නෙ.“

“මම හේමන්ත නිලමේ වරයා එක්ක තරහක් නෑ. නමුත් එතුමා වරින්වර මට තර්ජනය කර තිබුණා. මෑතම සිදුවීම තමයි කප් සිටුවා තුන්වන ඇතුළු පෙරහර යද්දි මල් කඩේ ළමයෙක් අතේ මට කියලා එවලා තිබුණා ඔළුව පරිස්සම් කරගෙන ඉන්න කියන්න කියලා. ඒ නිසා මට එතුමව සැකයි. මට වෙන තරහා කාරයො නෑ. “

“  විෂ රසායන ද්‍රව්‍යයක් ගහලා කියලා සැකයක් මට තියනවා. මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණ, සිදුකෙරෙනවා. “

මේ සිද්ධියේ අනෙක් වින්දිතයා නාථ දේවාලයේ බස්නායක නිලමේවන නීතිඥ ගයාන් හීන්කෙන්දය. සිද්ධිය පිළිබඳ කතා බහ කිරීමට ඔහුව සම්බන්ධ කරගතිමු. ඔහු කී සම්පූර්ණ කතාව මෙසේය.

“ඇත්තෙන්ම කියනවා නම් මෙවර ඇසළ පෙරහර පැවැත්වෙන්නෙ ජන සහභාගීත්වයකින් තොරවයි. එවැනි වාතාවරණයක් තුළ දේවාල භූමියට මෙවන් කටයුත්තක් සඳහා ඇතුළු විය    හැක්කේ පෙරහර කටයුතුවලට නිල වශයෙන් සම්බන්ධ අයට පමණයි.“

“ඒ නිසාම මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන ලෙසත් පරීක්ෂණය අවසන්වන තෙක්ම සාධාරණව පවත්වාගෙන ගොස් සිද්ධියට සම්බන්ධ අයවලුන් සොයා ගන්නා ලෙසත් මා නීතිය ක්‍රියාත්මක කරන අංශවලින් ඉල්ලා සිටිනවා.“

“ මෙතැනදි මෙයත් කිව යුතුයි. මගේ සම්බන්ධීකරණ ලේකම්වරයා සහ ඔහු සැක කරන පුද්ගලයන් අතර අමනාප  විරසක  තියනවා ද කියා මා දන්නෙ නෑ. මේ කියන කිසිදු අයෙක් සම්බන්ධයෙන් මාගේ කිසිදු අමනාපකමක් නෑ. ඒ නිසා මේ සිද්ධිය සම්බන්ධව මා සැක කරන කිසිම කෙනෙක් නෑ.“

“ නාථ දේවාලයේ   බස්නායක නිලමේ වරයාගේ සම්බන්ධීකරණ ලේකම් දීගායු අබේනායක පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ වන හේමන්ත බණ්ඩාරට මේ කරන්නේ බරපතල චෝදනාවකි. ඒ පිළිබඳව අපි පත්තිනි දේවාලයේ නිලමේ වරයා විමසුවෙමු.“

එවිට බස්නායක නිලමේ වරයා මෙසේ කීවේය.

“සැකයේ වාසිය මා පිට දාගෙන ඔහු මෙහෙම කිව්වට මේ වැඩේ කළේ මා නොවෙයි.  ඔහුට  මා ගැන සැක නම් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් දාලා පරීක්ෂණයක් පවත්වන්න කියන්න. හැබැයි මේක කළේ මා කියලා ඔප්පු කර ගත යුතුයි. “

“අපි මේ ගනුදෙණුව කරන්නෙ දෙවියොත් එක්ක. දෙවියොත් එක්ක   එකතුවෙලා  දළදා හාමුදුරුවොන්ට පූජා තියන්න පටන් ගත්තා විතරයි. ඒ පටන් ගත්තු දවසෙම මම මේ වගේ බාලාංශ වැඩ කරන්නෙ නෑ. එයත් එක්ක තරහා මරහා තියනවා. ඒක වෙනයි. නමුත් හැංගි හැංගි ගහන පුරුද්දක් මට නෑ. මම ගහනවා නම් ගහන්නෙ අතින් පයින්. එළිපිට.“

“මම කියන්නෙ නැවතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වලා මේක කළේ මමයි කියා ඔප්පු කරන්න. එහෙම නොවුනොත් මම ඔහුට විරුද්ධව නීති මාර්ගයෙන් ක්‍රියා කරනවා.“

“ඔය මනුස්සයා මට විරුද්ධව එෆ් බී. වට්ස් ඇප් ගෘප් හදලා චරිත ඝාතනය වන විදිහෙ අභූත චෝදනා කළා. මමයි හීන්කෙන්ද නිළමේ තුමයි තරහයි කියලා ප්‍රචාරය කළා. අපි දෙන්න අතර කිසි තරහක් නෑ. කිසිම ගැටුමකුත් නෑ. ඒ බව අනික් දේවාලවල නිලමේවරුත් දන්නවා. ඒ නිසා මම නැවතත් කියන්නෙ මේ වගේ වැඩක් කරන්න මට කිසිම උවමනාවක් නෑ.“

මේ සම්බන්ධව     විෂ්ණු දේවාල බසනායක නිලමේ මහෙන් රත්වත්ත සහ   කතරගම දේවාලයෙ බස්නායක නිලමේවන ගැමුණු ටී.බී.වලිසුන්දර වලිසුන්දරකතා කිරීමෙන් වැළකී සිටියහ.

මේ සම්බන්දයෙන් මහනුරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක කියා සිටියේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් පුලුල් පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර ඇති බවය.

මෙම සිදුවීම දළදා පෙරහරට හෝ පෙරහරේ ආරක්ෂාව සම්බන්ධයෙන් හෝ මතුවුණු ගැටලුවක් නොව, දෙපාර්ශවයක් අතර සිදුවූ සහ සිදුවෙමින් පවතින ආරවුලක ප්‍රතිඵලයක් බවට මේවනවිට කරුණු අනාවරණය වී ඇති බව    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු සොයා බලන බව ද කීවේය.

සිද්ධියට අදාලව සඳුදා දිනයේ අධිකරණයට කරුණු වාර්තා කර සී.සී.ටී.වී දර්ශන ලබා ගන්නා බවත්,   වාහනයට එල්ල කර ඇති රසායනික ද්‍රව්‍ය කුමක් ද යන්න සෙවීමට එම සාම්පල   රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට අසර ලබා ගන්නා බවත්  කියා සිටියේය.

Share69Tweet43
Previous Post

රටේ ඔක්සිජන් තොග ඇත්තේ දින 07කට පමණයි…

Next Post

නිවෙස් තුළ වෙසෙන කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර සඳහා වෛද්‍ය සිසුන් 400ක්…

Related Posts

homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026
සමාජ

සාමයේ බලාපොරොත්තුවට බෝම්බ ගසයි… අද අලුයම ඇමරිකාවෙන් ඉරානයට ප්‍රබල ගුවන් ප්‍රහාර…

ජූනි 11, 2026
Itamar-Ben-Gvir-and-Bezalel-Smotrich
සමාජ

ඊශ්‍රයාලයේ ආරක්ෂක ඇමතිට සහ මුදල් ඇමතිට අයර්ලන්තයට පැමිනීම තහනම් කරයි… අයර්ලන්ත අගමැතිගෙන් ප්‍රකාශයක්…

ජූනි 6, 2026

Comments 1

  1. kasunid9416 says:
    වසර 5ක් ago

    නුවර උන්ගේ වලි .. හිනා කනවා !

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Hiphop-Sangee

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
America

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

ජූනි 13, 2026
homuz

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026
ADVERTISEMENT
  • Niroshan_ D

    මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…
  • FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’
  • නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.