සමන්තිකා වීරවර්ධන –
කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් 19 වන දින ලබා දීමට තීරණය කර තිබීම හේතුවෙන් පළමු මාත්‍රාව ලබා දීම තාවකාලිකව නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන තිබූ තීරණය නැවත වෙනස් කර ඇතැයි වසංගත රෝග අංශයේ අධ්යක්ෂ වසංගත රෝග විශේෂඥ සුදත් සමවීර සඳහන් කරයි
මේ අනුව අද (2) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී තීරණ කර ඇත්තේ කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයින්ට නොකඩවා ලබා දිය යූතු බවකි.
මේ වන විට දොලෙස් ලක්ෂ හැට හතරදහසක එන්නත් තොගයක් ලැබී ඇති බවත් ඉන් මාත්‍රා නවලක්ෂ විසිතුන්දහසක් නවසිය පනස් හතරක් ලබාදී ඇතැයිද ඔහු පැවසීය.