ඉඳුනිල් කහටපිටිය –
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කළ පසුගිය අප්‍රේල් 09 වැනිදා ත්‍රී කුණාමලය දිස්ත්‍රික් රෝහලේ අලුත උපන් බිළිඳෙක් රෝහලේ සූතිකාගාරය තුළ මරණයට පත් වීමට ඉඩ හැර පුද්ගලික රෝහලක සිසේරියන් සැත්කමක් කරමින් සිටි , එම රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා වූ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේ ගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
පසුගිය අප්‍රේල් 09 වැනිදා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කැඳවනු ලැබුවේය. එදින ත්‍රි කුණාමලය දිස්ත්‍රික් රෝහලේ දරු ප්‍රසූතිකාගාරය තුළ ආන්දෝලනාත්මක බිළිඳු මරණයක් සිද්ධ වූයේය. අප්‍රේල් 09 වැනිදා පෙරවරු 8.45 ට පමණ මවක විසින් සිදුකළ මෙම දරු ප්‍රසූතියේ දී බිළිඳා මිය යන්නේ උපත් අවස්ථාවේ දී අසූචි පෙවීමෙනි.
මේ තත්ත්වය නිරීක්ෂණය කළ නේවාසික වෛද්‍යවරිය අවශ්‍ය උපදෙස් සහ මැදිහත්වීම් සදහා රෝහලේ විශේෂඥ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා අවස්ථා හයක දී සම්බන්ධ කරගැනීම උත්සාහ කර තිබිණි. පසුව ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරිය අමතා ඇත. නමුත් ඒ සියලුම අවස්ථා ව්‍යර්ථ වූයේය.
මේ මරණයෙන් මව දැඩි ලෙස කම්පිතව සිටියාය. මේ පිළිබඳව ත්‍රිකුණාමලය මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සඳමාලි සමරකෝන්ගෙන් The Morning පුවත්පත කළ විමසීමකදී ඇය සඳහන් කර තිබුණේ වෘත්තීය ක්‍රියාමාර්ග නිසා වෛද්‍යවරුන් රෝගියා මඟ හැරියේය යන චෝදනාව පදනම් විරහිත බවය.
අදාළ අවස්ථාවේදී ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා රෝහලේ රැඳී සිටි බවත්, ඔවුන් රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළ බවත් ඇය අවධාරණය කර තිබේ. ඇතැම් අවස්ථාවලදී වෛද්‍යවරුන් ප්‍රතිකාර කළද මෙවැනි අවාසනාවන්ත මරණ සිදුවිය හැකි බව ඇය පෙන්වා දුන්නාය.
සඳමාලි කාට කෙසේ කීවත් මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබෙන පැමිණිල්ලක් මත මෙම විශේෂඥ වෛද්‍යවරයා සම්බන්ධව විමර්ශනයක් ආරම්භ වූයේය. ඔහුගේ රාජකාරි ඉතිහාසය සම්බන්ධව ද ගැටලු සහගත තැන් තිබීම මෙම විමර්ශනය සිදුකිරීමට තවත් හේතුවක් වූයේය.
විමර්ශනයේ දී අනාවරණය වන කරුණු රැසකි. පළමු කාරණාව අලුත උපන් බිළිඳාට අසූචි පෙවී ඔහු දැඩි ලෙස රෝගී වී සිටින බව නේවාසික වෛද්‍යවරිය විසින් අවස්ථා 06ක දී දැනුම්වත් කළද එම අවස්ථාව කළමනාකරණය සිදු නොකර රාජකාරිය පැහැර හැරීමය.
දෙවැන්න ඒ සිද්ධිය සිදුවන මොහොතේ මෙම විශේෂඥ වෛද්‍යවරයා සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරිය ආසන්න පුද්ගලික රෝහලක මවක් සඳහා සිසේරියන් සැත්කමක් සිදුකරමින් සිටීමය. රාජකාරිය පැහැර හැරි මෙම විශේෂඥ වෛද්‍යවරයා සහ වෛද්‍යවරිය රාජකාරි වේලාව තුළ පුද්ගලික රෝහලකට සේවය සපයමින් සිටීමය.
තෙවැන්න ඒ අවස්ථාවේ දී තමන් රෝහලේ සේවය කළ බවට වූ ව්‍යාජ සටහන් දින පොතෙහි සටහන් කර ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමය.
සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ මේ චෝදනා විමර්ශනයේ දී තහවුරු වී ඇති බවය.
මූලික විමර්ශනයකින් අනතුරුව රාජකාරිය පැහැර හැරීමේ බරපතළ සිදුවීම් අනාවරණය වීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පසුගිය සිකුරාදා මෙම සේවය අත්හිටුවීමේ නියෝගය නිකුත් කර ඇත.
මේ ලිපියත් කියවන්න…
වෛද්‍ය වර්ජනය අතර ත්‍රිකුණාමලය රෝහලේදී සිදුවූ බිළිඳු මරණයක් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්!







