ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්රියාකාරී අධ්යක්ෂ සහ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ මහ ජන සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල් තුසිත හල්ලොලුවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව විමර්ශන කරන කොළඹ අපරාධ කොට්ටාසය කළ ඉල්ලීමකට අනුව සිය ජංගම දුරකථනය විමර්ශන නිලධාරීන්ට භාර දෙන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය ඔහුට නියෝග කර ඇත.
තුසිත හල්ලොලුවට වෙඩි තැබීමේ සිද්ධියට අදාල නඩුව අද යළි කැඳවීමට නියමිතව තිබේ. සිද්ධියට අදාලව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති සැකකරුවන් තිදෙනා මෙන්ම පැය 24ක රැඳවුම් නියෝග මත ප්රශ්න කළ සැකකරුවන් තිදෙනා ද අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ ලිපියත් කියවන්න….
නැට්ටෙ ඉඳන් ගොම… හල්ලොලුව ගහපු ගේම අතේ පත්තුවී කුජීත වෙන හැටි!







