දිනසේන රතුගමගේ –
යාපනයේ පළාත් කීපයකට ඊයේ (06) සවස සිට යළිත් වරක් ධාරානිපාත වර්ෂාව පතිත වන්නට පටන් ගැනීම නිසා යාපනය නගරය තෙන්මරච්චි හා වළිකාමම් ඇතුලු ස්ථාන ගණනාවක් ජලයෙන් යට වී තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ යාපනයේ නිලධාරීන් සදහන් කලේ පස්වරු 2.30 ට පමණ ආරම්භ වූ වර්ෂාව එක දිගටම රාත්‍රී 8.30 දක්වා පැවති බවත් 6 දා දිනය තුළ යාපනයට මිලිමීටර් 150.6 ක වර්ෂාවක් ලැබුණු බවත්ය.
යාපනයේ ජලය බැස යන කාණු පද්ධතියට දරා ගැනීමට නොහැකි ප්‍රමාණයේ වර්ෂාවක් ලැබීම නිසා එකතු වූ ජලයෙන් මෙම ස්ථාන යට වී ඇති අතර බොහෝ තැන් වල අඩි හතරකට වඩා වැඩි උසකට ජලය එකතු වී තිබූ බව යාපනයේ වැසියෝ පැවසූහ.
6 දා රාත්‍රියේද යාපනයේ වළිකාමම් තෙන්මරච්චි යන පළාත් වල වැසියන් 2000 කට වඩා වැඩි පිරිසක් ඔවුන්ගේ නිවෙස් අතහැර වෙනත් ආරක්ෂිත ස්ථාන වලට ගොස් තිබේ.
අධික වර්ෂාව නිසා යාපනයේ ප්‍රදේශ කීපයක ප්‍රධාන මාර්ග ජලයෙන් යට වී ඇති අතර එම පළාත් වල ගමනා ගමන කටයුතු ඇණ හිට තිබේ.