කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලාකර ඇති ප්‍රදේශවල ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (24) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.
මේ පිරිසෙන් බහුතරයක් දෛනික ආදායම් ලබන අඩු ආදායම්ලාභී පුද්ගලයන් බවත් මේ වනවිට මාසයකට ආසන්න කාලයක් තිස්සේ මෙම ප්‍රදේශ හුදකලා කර හෝ නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති නිසා ජනතාවගේ ආදායම් ඉපයීමේ අවස්ථාවන් ගිලිහී ගොස් ඔවුන් අන්ත අසරණභාවයට පත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා කීවේය.
හුදෙකලා කර ඇති ප්‍රදේශවල සිටින පවුල් සහ ස්වයං නිරෝධායනය වන පවුල් සඳහා රුපියල් 10,000 ක බඩු මල්ලක් සහ ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් වලට මාසිකව රුපියල් 5000ක දීමනාවක් ලබා දීමේ වැඩපිළිවෙල යටතේ සුදුසුකම් ලබන සියළුම පවුල්වලට එම ප්‍රතිලාභය මේ දක්වා ලැබී නොමැති බව ද ඔහු පෙන්වා දුන්නේය.
කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් කීයකට මේ වන විට රුපියල් 5,000 දීමනාව සහ රුපියල් 10,000 ක බඩු මල්ල ලබා දී ඇති පවුල් සංඛ්‍යාව කොපමණ ද, රුපියල් 5,000 දීමනාව මසකට රුපියල් 20,000 දක්වා වැඩි කිරීමට රජය ක්රියාකරන්නේදැ යන්න දැනුවත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා අණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටියේය.