බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

සිසුන්ට අධ්‍යාපන ණය පහසුකම් සැපයීමට IIHS සහ DFCC බැංකුව එක් වේ

by Lanka Sara Editor
මාර්තු 17, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය එහි සිසුන්ට 16.5%ක් වැනි ආකර්ෂණීය පොළී අනුපාතයක් සහ තවත් වාසි රැසක් සමඟ අධ්‍යාපන ණය ගැනීමට අවස්ථාව සළසමින් DFCC බැංකුව සමඟ එක් වේ. එක්සත් රාජධානියේ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය සමඟ අනුබද්ධ උසස් අධ්‍යාපන ආයතනයක් වන IIHS ආයතනය හෙද සේවය හා සම්බන්ධ අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට අවස්ථාව සළසයි. මෙම සහයෝගීතාව ඇති කර ගැනීමේ අවස්ථාවට IIHS ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය  කිත්සිරි එදිරිසිංහ මහතාත් DFCC බැංකුවේ බැංකුකරණ, ප්‍රේෂණ සහ ව්‍යාපාර සංවර්ධන අංශය නියෝජනය කරමින් ඇන්ටන් ආරුමුගම් මහතාත්  සහභාගී වූහ.

මෙම සහයෝගීතාව හරහා පිළිගත් මූල්‍ය ආයතනයක සහයෝගය සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගුණාත්මක අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට අවස්ථාව ලැබේ. ආකර්ෂණීය ණය පහසුකමක් සමඟ ගෝලීය වශයෙන් පිළිගැනීමක් සහිත උපාධි පාඨමාලාවක් හැදෑරීමට සිසුන්ට ලැබෙන මේ අවස්ථාව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මක බව තහවුරු කිරීමට උපකාර වේ. විශේෂයෙන්ම වර්තමාන ආර්ථික තත්ත්වය තුළ මෙම සහයෝගීතාව හරහා සිසුන්ට වාසි රැසක් ලැබෙනු ඇතැයි IIHS ආයතනය සඳහන් කළේය. පාඨමාලා ගාස්තුවෙන් 100%ක් ණය මුදලක් වශයෙන් ගත හැකි වීම, වසර හතක් තුළ ආපසු ගෙවීමේ හැකියාව (පළමු මාස 18 තුළ පොළිය පමණක් ගෙවිය යුතු වේ) සහ ඉතා පහසුවෙන් සේවය ලැබිය හැකි වීම මෙම සහයෝගීතාවේ වාසි අතර වේ. IIHS ආයතනය හෙද සේවය පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධියක් ඇතුළු විවිධ උපාධි පාඨමාලා පිරිනැමීමට සැළසුම් කර ඇති අවස්ථාවක සිසුන්ට මෙවැනි ණය පහසුකමක් ගැනීමට අවස්ථාව උදා වීම සුවිශේෂ කරුණකි. නව සහයෝගීතාව පිළිබඳව අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා මෙසේ පැවසීය. “නිසි සුදුසුකම් සහ පුහුණුව ලැබූ හෙද, අනෙකුත් සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් විශාල ඉල්ලුමක් තිබෙනවා. අප ආයතනය කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය සමඟ ඒකාබද්ධව පිරිනමන උපාධි පාඨමාලා හෙද ක්ෂේත්‍රයේ රැකියාවක් බලාපොරොත්තු වෙන සිසුන්ට ඉතා හොඳ තෝරා ගැනීමක්.” “ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන IIHS ආයතනය සමඟ එකතු වීමට ලැබීම ඉතා සතුටට කරුණක්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය ගමනක් අරඹන්න බලාපොරොත්තු වෙන සහ ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ගන්න උත්සාහ කරන තරුණ තරුණියන්ට IIHS ආයතනය ඉතා හොඳ තෝතැන්නක්.” ඇන්ටන් ආරුමුගම් මහතා අදහස් දක්වමින් එලෙස පැවසීය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Share69Tweet43
Previous Post

මහනුවර ජාතික රෝහලේ ඇන්ජියෝග්‍රෑම් මුළුමනින්ම නවතී – හෘද රෝගී ජීවිත අවදානමේ

Next Post

මනෝ විද්‍යාව, පෝෂණවේදය හා සම-සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ පාඨමාලා රැසක් IIHS වෙතින්

Related Posts

rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026
පුවත්

විදේශ විනිමය වෙළඳපොළ ශක්තිමත් කරන්න අවශ්‍ය දේශපාලන පණිවිඩ නොවෙයි… විශ්වාසයයි… ඩොලරය 375 පනින අනතුරක්  හර්ෂ පෙන්වයි!

මැයි 21, 2026
rupee
පුවත්

 2026 මැයි මාසයේදී ආසියාවේ වැඩිම අගය පිරිහුණු මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල යි… බ්ලූම්බර්ග් වාර්තා කරයි!

මැයි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.