බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කන්දකාඩු කඳවුරෙන් රැඳවියෝ 50ක් පලා යති… 23ක් අත් අඩංගුවට…

පහත් බිම් ජලයෙන් යටවී ඇති නිසා පලා ගියවුන් සොයන මෙහෙයුම් අසීරුයි... ආරක්ෂක අංශ කියයි...

by editor
දෙසැම්බර් 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  –  

පොළොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් රැඳවියන්  පනස්දෙනෙකු පමණ  අද (11) සවස පලාගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

අද  දහවල් කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් රැඳවියන් දොලොස්දෙනකු පලාගොස් ඇති අතර   ඉන් දසදෙනෙකු අත් අඩංගුවට ගැනීමට  පොලිසිය සමත් වී තිබිණි.

ඉන් අනතුරුව අද සවස රැඳවියන් පනස්දෙනකු යළිත් වරක් පලාගොස් ඇති අතර ඉන් විසි තුන්දෙනෙකු පුලස්තිපුර පොලිසියට භාරවී ඇති බව මේ පිළිබඳ අප කළ විමසීමකදී පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා   සඳහන් කළේය.

පලාගිය සෙසු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා වැලිකන්ද, අරලගංවිල මනම්පිටිය, පුලස්තිපුර පොලිසිය සහ යුද හමුදාව එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද පොළොන්නරුව පොලිසිය කියයි.

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් පැනගිය රැඳවියන් කුමන ප්‍රදේශවලද යන්න මෙතෙක් තහවුරු වී නොමැති අතර ඔවුන් අත් අඩංගුවට ගැනීමට  ප්‍රදේශයේ පහත් බිම් යටව තිබීමද මෙහෙයුම් වලට බාධාවක් වී  තිබෙන බව මෙහෙයුමට සම්බන්ධ ආරක්ෂක අංශයේ උසස් නිලධාරියකු අප සමඟ සඳහන් කළේය.

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත වසරක කාලයක්   උපදේශන සේවා සඳහා පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කෙරේ.

මීට පෙරද අවස්ථා කිහිපයකදී කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් සහ සේනපුර පුනරුත්ථාපන කඳවුරෙන් රැඳවියන් වරින් වර   පලාගොස් සිටියදී ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඔවුන් නැවත පුනරුත්ථාපනය කිරිමට කටයුතු කළේය.

බන්ධනාගාර හා පුනරුත්ථාපන ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය මගින් පාලනය වන වැලිකන්ද කන්දකාඩු කඳවුරේ රැඳවියන්ට ආහාර ලබාදීමේදී හා පහසුකම් ලබා දීමේදී සිදුවන අඩුපාඩු නිසා මීට පෙර අවස්ථා කිහිපයකදීම රඳවියන් පිරිස් වශයෙන් පලා ගිය බව  ආරක්ෂක අංශයේම නිලධාරියකු අප සමග කීවේය.

එවැනි තත්ත්වයන් සැලකිලට ගනිමින්  මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේදී මඩකලපුව පරවි දූපත මෙන්ම දූපත් කිහිපයක් යොදාගන්නේ නම් රජය මෙන්ම ආරක්ෂක අංශවලට මුහුණ දීමට සිදුවන ගැටලු සහ අපහසුතා මගහැරෙන බවද යුද හමුදාවේ ආරක්ෂක නිලධාරියකු පැවසීය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඒ පොඩි උන්ට බනින්න එපා… මහ උන් විනාස කළ නටබුන් අතර උන් අතරමං වෙලා… අපේ ක්‍රිකට් අනාගතය UAE වලටත් පරාදයි…

Next Post

හරීන්… ඔබ මේ ගොඩ නගමින් සිටින්නේ වළ දැමූ ක්‍රිකට්වල සොහොන ද?

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.