බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හරීන්… ඔබ මේ ගොඩ නගමින් සිටින්නේ වළ දැමූ ක්‍රිකට්වල සොහොන ද?

by editor
දෙසැම්බර් 11, 2023
in පුවත්
Harin
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ක්‍රීඩා අමත්‍ය හරීන් ප්‍රනාන්දු  විසින් 5 දෙනෙකුගෙන් සමන්විත නව ක්‍රිකට් තේරීම් කමිටුව නම්කර තිබේ. තරුණයින් පත් කර නව කෝණයකින් ක්‍රීඩකයින් දිහා බලාගෙන තේරීම් කර ක්‍රිකට් ගොඩගන්නට තමන් උත්සාහ කරන බව හරීන් ප්‍රනාන්දු කීවේය.

ඔහු කීවේ පකිස්ථානය ගොඩ ගියේ එවැනි තේරීම් කළ කමිටුවක් නිසා බවය.

නව තේරීම් කමිටු සභාපති ලෙස උපුල් තරංග පත් කර තිබේ. අනෙක් සාමාජිකයන් වන්නේ හිටපු ක්‍රීඩකයින් වන ඩිල්රුවන් පෙරේරා, අජන්ත මෙන්ඩිස්, තරංග පරණවිතාන සහ ඉන්දික ද සේරම්ය.

විශේෂත්වය වන්නේ මේ පස් දෙනාගෙන් සිවු දෙනෙක් තවමත් ක්‍රීඩාවෙන් සමුගෙන නැති වීමය. උපුල් තරංග මේ ක්‍රීඩා වාරයෙත් එන්.සී.සී ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළේය.  ඩිල්රුවන් පෙරේරා බී.ආර්.සී එකට ගැහුවේය.  ඉන්දික ද සේරම් පානදුර ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයෙකි  තරංග පරණවිතාන මුවර්ස් ක්‍රීඩා සමාජයේ පුහුණුකරුය.

අජන්ත මෙන්ඩිස් ට ඇත්තේ වෙනම කතාවකි. අජන්ත මෙන්ඩිස් තරග පාවාදීම සම්බන්ධව සැක කටයුතු තත්ත්ව යටතේ අයි.සී.සී. අධීක්ෂණයට ලක් වී සිටිනා පුද්ගලයෙකි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

එමෙන්ම ලක්ෂ 50ක මාසික පඩියකට විශේෂ උපදේශකයෙක් ලෙස ගෙන්වා සිටින සනත් ජසූරිය සම්බන්ධව කතාවත් එසේය. ඔහු ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස සිට බුකි කරුවන්ට අවශ්‍ය ආකාරයෙන් ශ්‍රි ලංකා කණ්ඩායමේ තේරීම් කිරීම සම්බන්ධව චෝදනාවට ලක් වී අයි.සී.සී නියෝග කඩ කළ අනීතික හැසිරීම නිසා අවුරුදු දෙක්ක අයි.සී.සී. යේ පූර්ණ ක්‍රිකට් තහනමකට ලක් වුන අපකීර්තිමත් චරිතයකි.

හරීන් ප්‍රනාන්දු  ක්‍රිකට් වෙනුවෙන් මේ කරන්න යන දේ කුමක් දැයි අප බලා සිටින්නේ තිගැස්මෙනි. අප මුලින් කී ලෙසම ක්‍රිකට් පමණක් දන්නා උපුල් තරංග තේරීම් කමිටු සභාපති ලෙස හරීන්  සිය තනි මතයට පත් කරන්නේ ඔහුගේ මොන ක්‍රීඩා විශාරදත්වයක් මත පදනම්වදැයි අප දන්නේ නැත. තරංග සම්බන්ධව ඔහු තක්සේරු කර ඇත්තේ කුමන නිර්නායක මත දැයි ඔහුවත් දන්නවා දැයි අපට සැක සහිතය.

ඔහු බොහෝ කෙළිවලට ප්‍රකට බව දන්නා නමුත් ඒ ක්‍රිකට් නොවන බව රටේ හැමෝම දනිති. ඔහු මේ පත්කරන්නේ  ජින්තු පිටියේ කයිතාලම් කණ්ඩායම තෝරන්නා නොව මේ රටේ ජාතික කණ්ඩායම තෝරන ප්‍රධානියාය. මේ පුද්ගල නාම මතුවන්නේ හරීන් ප්‍රනාන්දුගේ ජගමිතුරු උපදේශකගේ අවශ්‍යතාවය මත නම් ඔහු මේ හදන්නේ වළලා දැමූ ක්‍රිකට්වල සොහොන ය.

මේ ලියන මොහොත වනවිට අපේ 19න් පහළ කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමටත් පරාදය. රට නියෝජනය කරන 19න් පහළ යෞවනයන් යනු අනාගත ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙවනැලිය. අද ශ්‍රි ලංකා කණ්ඩායම නියෝජනය කරන්නන් මෙන්ම  අතීතයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ විශිෂ්ටයින් බොහෝ දෙනෙක් මතුවුනේ   19න් පහළ කණ්ඩායාමෙනි.  එහෙත් මේ කණ්ඩායම තුළ අනාගත ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ හැකි මට්ටමේ වූ එක තරු ලකුණක්  ක්‍රීඩා ලෝලී අපට පෙනුනේ නැත.

මේ රටේ කාලකණ්ණින් රටේ ක්‍රිකට්වලට කළ හරිය අපේ දරුවන් වැනි ක්‍රිකට් පොඩි උන්ගෙන්    පිළිබිඹු වෙමින් ඇත්තේය.

ඒ සඳහා වූ ශක්තිමත් විසඳුමක් ගෙන එනවා වෙනුවට හරින්  රටට හඳුන්වා දෙමින් ඇත්තේ සිය , සගයන් සමග එක් වී ගනු ලබන කෙටි කාලීන ක්‍රිකට් ආතල් එකකි.  ඒ වග ලියා තබන්නේ මේ කෙළින බුල් වල හැටියට හරීන්ලාගේ ආතල් එක ඊලඟ මැතිවරණයක් තෙක් පමණක් බව ඔහු විසින් තේරුම් ගත යුතු බව දැනුම් දෙන්නටය.

මේ සටහන නිමා කරන්නට පෙර තවත් වැදගත් යමක් ලියා තැබිය යුතුය. 1996 ලෝක කුසලානය මේ රටට දිනා දුන් ගෞරවනීය ක්‍රිඩකයින් ක්‍රිකට් පරිපාලනයට ඇවිත් ක්‍රිකට් හෑවේය. ඒ  හෑම පටන් ගත්තේ අර්ජුණ රණතුංග බව කණගාටුවෙන් ලියා තැබිය යුතුය. අරවින්ද සිල්වා, රුමේෂ් කළුවිතාරණ, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, සනත් ජයසූරිය, අසංග ගුරුසිංහ,  ක්‍රිකට් පරිපාලනයට පැමිණ සිදුකළ විනාශය මේ රටේ ක්‍රිකට් මේ තත්ත්වයට වැටෙන්නට බලපෑ බව ලියා තබමු. රොෂාන් රණසිංහ මෙන්ම හරීන් ප්‍රනාන්දු ද කෙළවගන්නා තැන එතනය.

ක්‍රිකට් ගොඩ ගන්නට හිතන්නට පෙර අප යථාර්ථය තේරුම් ගත යුතුව තිබේ.   96 ලෙජන්ඩ්ලා බොහෝ දෙනෙක් උන්ම සිය දිවි නසාගෙන වැළලී හමාරය. මේ දැන් ඉන්නේ උන්ගෙ පිරිහී ගිය ආත්ම සහිත මෘත කළේබරය. තවමත් ජීවතුන් අතර ඉන්නා මහත්තුරු ක්‍රිකට් පරිපාලනයට එනවා තබා එන්න හිතන්නේවත් නැත.

අන්න ඒ මහත්වරුන් මෙන්ම පරිපාලන පරිචයක් සහිත වැදගත් කණ්ඩායමකට මේ වැඩේ බාර දී හරින් ප්‍රනාන්දු  සනත් ලා එක්ක ඕනෑම සෙල්ලමක් කරගත්තාට අපට කමක් නැත.

එකම වැරැද්ද යළි යළිත් දේශපාලනයේ දී කල හැකිය. මිනිස්සුන්ට ඒක අමතක වෙන්නේය. නමුත්  ක්‍රිකට් මේ රටේ මිනිස්සුන්ට දේශපාලනයක් නොවේ. මේ කියන්නේ බොරුනම් හරීන් ඇමති තුමනි. මේ සූදුව කෙළ බලන්න.

ප්‍රතිඵලය අහගන්නට ඔබ ලොවෙත් නැති බව ලියා තබමි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කන්දකාඩු කඳවුරෙන් රැඳවියෝ 50ක් පලා යති… 23ක් අත් අඩංගුවට…

Next Post

පලාගිය කන්දකාඩු රැඳවියන් 37ක් තවමත් අතුරුදහන්… 102ක් අත් අඩංගුවට… පලා යෑමට හේතුව ආහාර ප්‍රශ්නයක්!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.