ඒ පොඩි උන්ට බැණ අඬ ගසා පලක් නැත. ආදර්ශ නැති ලෝකයක උනුත් මහඑකාලගේ හැටියටය. ශ්‍රී ලංකා ක්‍රිකට් හෙවත් සිල්ලර ඩොලර් කඩේට අරක්ගත් තුච්ඡ පිශායන් රටට කරන හානිය දැන් තේරුම් ගත යුතුය. අපට ක්‍රිකට් අනාගතයක් නැති බව අද අප කණගාටුවෙන් යුතුව බලාගෙන සිටියේය.
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට පරාදය. ඒ පරාදවන බවට වූ අඳුරුම ලකුණු අපේ ක්‍රිකට් තරුණයන්ගේ පිතිකරණය දෙස බලා සිටින විට අපට පෙනුනේය. ලංකාවෙන් තෝරාගත හැකි හොඳම තරුණ පාසල් ක්‍රීඩකයින් මොවුන් නම් අනාගතය කුමක් වනු ඇති දැයි අපි කල්පනා කළෙමු. හවස්වනවිට ඒ සම්බන්ධව පැහැදිලි චිත්‍රයක් අපට ලැබී තිබේ.
ලකුණු 221ක ඉලක්කයක් හඹා ගිය එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පන්දු 10ක් ඉතිරිව තිබිය දි කඩුළු 02කින් ජයග්‍රහණය අත් කරගත්තේය.
19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ හත්වන තරගය ලෙස අද ඩුබායි හි ශ්‍රී ලංකා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගය පැවැත්විනි.
කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පන්දු යවන්නෝ තියුණු පන්දු යැවීම නිරතවෙමින් ශ්‍රී ලංකා මුල් පෙළ කඩුළු දෙකක් ලකුණු 49ක් වනවිට දවා ගත්හ.
එහෙත් නායක සිනෙත් ජයවර්ධන සහ පුළිඳු පෙරේරා ලකුණු 63ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ. නායක සිනෙත් ජයවර්ධන ලකුණු 49 දී දුවද්දී දැවී යෑමටකට හසු විය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දිනුර කළුපහණ ලකුණු 58ක් රැස් කළේය. රසුන්ද ගමගේ ලකුණු 26ක්, විශ්ව ලහිරු නොදැවී ලකුණු 23ක් ලැබුවේය.
ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු ඕවර 50 තුළ දී රැස් කරන්නට හැකි වූයේ ලකුණු 220ක් පමණි. කඩුළු 09ක් දැවී ගියේය.
ඔමිඩ් රහ්මාන් කඩුළු 02ක්, ආයන් අෆ්සාල් ඛාන් කඩුළු 02ක්, අයිමන් අමඩ්, දෘව් පරාෂා, හරිදික් පාල් එක් කඩුල්ල බැගින් ලැබූහ.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කිරීමට පැමිණි එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ කඩුළු 03ක් ලකුණු 88කට දැවී ගිය නමුත් පළමු කඩුල්ල බිඳවැටීමෙන් පසු පිටියට පැමිණි තනිෂ් සූරි විශිෂ්ට පිතිකරණයක නිරතවෙමින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම ජයග්‍රහණයේ මුවවිට අසලට රැගෙන ආවේය. ඔහු පන්දු 88ක් තුළ ලකුණු 75ක් රැස් කළේය.
මාරුෆ් මර්චන්ට් ලකුණු 20ක්, නායක ආයන් අෆ්සාල් ඛාන් ලකුණු 33ක්, ලැබුවේය. අම්මාර් බඩමි නොදැවි ලකුණු 17ක් සහ අයිමාන් අහමඩ් නොදැවී ලකුණු 10ක් ලබමින් තරගය අවසන් කළේය.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ගරුක සන්කෙත් 35/3ක්,විශ්ව ලහිරු 28/2ක්, විහස් තෙව්මික 48/1, දුවිදු රණතුංග 40/1, මල්ෂ තරුපති 52/1 ලෙස කඩුළු ලබා ගත්හ.
වේදනාවෙන් සඳහන් කළ යුත්තේ තරුණයින් සතු විය යුතු ජවය සටන්කාමීත්වය ගිලිහී ගිය තරු ලකුණු නොපෙනෙන දරුවන් ටිකක් සෙල්ලම් කළ බවය. ඔවුන් ක්‍රීඩා නොකළහ. අවසන් මොහොතේ පහසු තීරණාත්මක උඩ පන්දුවක් ගිලිහී ගියේය. තරගය පරාජය ලැබුවේය. ඉන්දියාව, පකිස්ථානය, තබා බංගලදේශය. ඇෆ්ගනිස්ථානය අසලටවත් අපට යන්නට හැකි වුනොත් යෙහෙකි.
ඇස් ඇතිනම් රටට මේ විනාශයේ පෙර ලකුණු පෙනෙනු ඇති බව විශ්වාස කරමු.