අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැට් බද්ද සම්මතයි…. අද පාර්ලිමේන්තුවේ දී සිදුවූයේ කුමක් ද?

by editor
දෙසැම්බර් 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත (වැට්)     පාරලිමේන්තුවේ දී  සම්මත විය. එම වැට් බදු සංශෝධනයට අනුව මෙතෙක් වැට් බද්දෙන් නිදහස්ව තිබූ  භාණ්ඩ අනූ හතකට ලබන ජනවාරියේ සිට සියයට දහ අටක  වැට් බදු අය කිරීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් කර ඇත.

පනත් කෙටුම්පත  පාර්ලිමේන්තුවේදී අද (11) පස්වරුවේ වැඩි ඡන්ද 45 කින් සම්මත වූයේ  සංශෝධන සහිතව සම්මතවිය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 100 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ  ඡන්ද 55ක් පමණි.

මෙම වැට් බද්ද සංශෝධනය කිරීමේ පරමාර්ථය ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය දක්වා සිටියේ   රාජ්‍ය ආදායමට  කෝටි  37800 ක් එකතු කරගැනීමේ ඉලක්කය සම්පූර්ණ කරගැනීමය.

මේ විවාදය අපේ රටට අතිශයින්ම වැදගත් විවාදයක් වූයේ මේ හරහා අවසානයේ දී  පරඬැල් වූ මේ රටේ මිනිස්සුන්ගේ ජීවිතවල අවසන් ප්‍රාණ පොදත් මිරිකා ගනු ලබන ආකාරයේ සාහසික කරුණු ගොන්නක්  ඊට ඇතුළත් වී තිබුණු බැවිනි

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම විවාදය  සඳහා ඊයේ (10) ඉරුදින  සම්පූර්ණයෙන්ම වෙන් කර තිබුණි. පූර්ව භාගයේ දී සැලකිය යුතු කාලයක් විවිධාකාර ගැටලු වෙනුවෙන් ගතවීමෙන් පසු විවාදය ඇදී ගියේ පැයකට ආසන්න කාලයක් පමිණි.  සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ    ඝණ පූර්ණය පිලිබඳ  ප්‍රශ්නය මතු කළේය. නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුව කල් තැබුවේය.

අද පනත් තුනක් සම්බන්ධව විවාදය ගනු ලැබුවේ එකටය. ඒ අවස්ථාවේ දී වැට් බදු පනත සම්බන්ධව වෙනම විවාදයක් ලබා දෙන බවට වූ එකඟතාවයක් උදේ වරුවේ සභානායකවරයා විසින් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්  සිද්ධ වූයේ විවාදය නොතබා මෙම පනත් කෙටුම්පත පිලිබඳව ඡන්දයකට යෑමය. එසේ නොකිරීම සම්බන්ධව දීර්ඝ විස්තරයක් රාජ්‍ය මුදල් ඇමති ෂෙහාන් සේමසිංහ විසින් මතුකළේය.

ඔහු පාර්ලිමේන්තුවට කීවේ   පනත විවාදය කිරිම සඳහා රුපියල් ලක්ෂ සියයක විදයමක් දරමින්  ඊයේ දිනය ලබා දුන් නමුත් ඒ අවස්ථාව වගකීම් රහිතව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් විනාශ කළ බවය.

සෙහාන් සේමසිංහ පැවසුවේ මෙවැන්නකි.

“ඊයේ    දිනය පුරාම එකතු කළ අගය යටතේ බදු සංශෝධනය සහ අනෙකුත් සංශෝධන පිළිබඳ සාකච්ඡා කිරීමට සම්පූර්ණ දිනයක් විපක්ෂය  ඉල්ලා තිබුණා. “

“ආණ්ඩු පක්ෂය ඒ සඳහා එකඟතාවය පලකරලා තියනවා. නමුත් මහජනතාවගේ මුදලින් ලක්ෂ සීයක් වියදම් කරලා පාර්ලිමේන්තුව රැස් කරලා  විපක්ෂය  මේ විවාදය කඩාකල්පල් කරන්න  කටයුතු කළා. “

“මේකේ අරමුණ ලෙස මා දකින්නේ  මේ ආර්ථික ක්‍රියාවලිය ඉදිරියට ගෙනියද්දී ඇතිවන ප්‍රකෘතිමත් වීම, ආර්ථිකයේ ඇතිවන යහපත් බලපෑම විපක්ෂයට බලන් ඉන්න බැරිවීම.”

“ කාටත් ප්‍රායෝගිකවන විදිහට මේ විවාදය කරන්න කාලය ඉල්ලා සිටියේ. විපක්ෂය විවාදය  ඉල්ලුවනම් විපක්ෂය තමයි ඒ විවාදය ගෙනයා යුත්තේ.”

“මේ 2002 අංක 14 දරන වැට් බුදු පනත ප්‍රකාරව සිදු වූ සියලු සංශෝධන මේ සභාවේ දැනුම්වත් කිරිම සඳහා සභාගත කරනවා. වැට් නිදහස ඉවත්වන ලයිස්තුවත් සභාගත කරනවා. වැට් නිදහස් කළ ලයිස්තුවත් දැන් සභාගත කරලා තියනවා. මේ සම්බන්ධව සියලුම තොරතුරු දැන් සභාගත වෙලා තියෙන්නේ.”

“හෙට දිනය ශ්‍රී ලංකාවට වැදගත්ම දිනයක්. හෙට දිනය වනවිට ජාත්‍යාන්ත මූල්‍ය අරමුදල විස්තීරණ ණය පහසුකම සම්බන්ධව ඩොලර් මිලියන 330ක දෙවැනි වාරිකය අනුමත කිරීම සලකා බලන දිනය.  මේ දිනය අල්ලලා තමයි  යම් කිසි අවිනිශ්චිත භාවයක් ජාත්‍යාන්තරයේ ඇති කරන්න විපක්ෂය අපේක්ෂා කළේ.”

“මෙතන ඊලඟට වැදගත් වෙන්නේ මේ වනවිට අපේ ණය හිමියෝ පොරොන්දුවක් දීලා එකඟතාවයකට ඇවිත් තියනවා ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධව එකඟතාවයක් පල කරන්න.”

“මෙන්න කාරණා දෙක සම්බන්ධව සැකයක් ඇතිි කරන්න තමයි මේ අය උත්සාහ කළේ.  මේ අය කවදාවත් රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා දකින්න කැමති නෑ.  මේ අය ජනතාව අපහසුතාවලට මුහුණ දීල තිබෙන ඒව ඉවත් වෙනවා දකින්න කැමති නෑ.

“කිසිම රජයක් කැමති නෑ බදු වැඩි කරන්න. නමුත් එතනනම් අවශ්‍යතාවය තියෙන්නේ එතනින්නම් මූල්‍ය විනය සකස් කරගන්නේ අපේ රාජ්‍ය ආදායම ඉදිරියට ගෙනියන්නේ  අපිට අකමැත්තෙන් උනත් අපිට බදු වැඩිකරන්න සිද්ධ වෙනවා. “

“නමුත් අපි බදු ශක්තිමත් කිරීම වැඩි කරන්න බදු දැල පුලුල් කරන්න අවශ්‍ය සියලු වැඩකටයුතු සිදුකරමින් තියනවා. ඒක ප්‍රමාදයි. ඒක අපි පිළිගන්නවා. නමුත් ඒක අවුරුදු එක හමාරක් ඇතුළේ අපිට කරන්න බෑ.නමුත් ඒ සඳහා අවශ්‍ය පියවර අපි අරන් තියනවා.”

“සංශෝධන සඳහා විවාද කරන්න අපි  දවසක් ලබා දුන්නා. දවසක් ඒ සම්බන්ධව විවාද කළ හැකිව තිබුණා.  ඒක ප්‍රයෝජනයට ගැනීම නොගැනීම සම්බන්ධව අවශ්‍යතාවය තියෙන්නේ ඒ විවාදය ඉල්ලපු අයට. ඒ විවාදය ඉල්ලපු අයට අවශ්‍යතාවයක් තිබුණෙ නෑ  අරන් යන්න. “

“මීට වඩා කාලය ගත කරන්නේ නැතිව සංශෝධන සහිතව මේක සම්මත කරගන්න ඕන කියලා යෝජනාව කරනවා. “

පනත තවදුරටත් විවාද කිරීමට අවශ්‍ය බව පවසමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ දැඩි නොසන්සුන් තත්වයක් ඇති විය.

පනත් කෙටුම්පතේ යෝජනා අංක 6  සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී යෝජනා අංක 6 වැඩි ඡන්ද පනස් හතකින් සම්මත විය.

අංක 6ට පක්ෂව ඡන්ද අනුඅටක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 41කි.

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතේ අංක  7  සම්බන්ධයෙන් පැවැත්වුණු ඡන්ද විමසීමේදී  එම අංක හත  සම්මත විය.

 

පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම ඡන්ද විමසීමේදී  වැඩි ඡන්ද 45කින් සම්මත විය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද සීයක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද  55ක් පමණි.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 100 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ  ඡන්ද 55ක් පමණි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක්, එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන  සහ  සමග ජන බලවේගයේ සිට ආණ්ඩුවට එක් වූ  හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

අනුර පියදර්ශන යාපා , ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න, වඩුවෙල් සුරේෂ්,නිමල් ලාංසා සහ   ප්‍රියංකර ජයරත්න යන මන්ත්‍රීවරු පනතට පක්ෂව ඡන්දය දුන්හ.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ  හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  මහත්වරු  පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමගි  ජන බලවේගය, ජාතික ජන බලවේගය, නිදහස් ජනතා සන්ධානය, දෙමළ ජාතික සන්ධානය යන පක්ෂවල මන්ත්‍රීවරු වෙති.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ   ඡන්දය විමසන අවස්ථාවේදී සභාගර්භයේ නොසිටියේය. ඔහු මේ වැට් පනතට විරුද්ධ බව උදේ වරුවේම මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය. එමෙන්ම චමල් රාජපක්ෂ ද මේ ඡන්ද විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටියේ නැත.

කෙසේ වෙතත් පනත සම්මතය. කල්පනා කළ යුත්තේ ලබන අවුරුද්දේ ජිවත්වන විදිහ ගැනය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ ක්‍රමයේ ක්‍රියාකාරී කමිටුව හෙට සිට 14 දක්වා කොළඹ දී රැස් වේ!

Next Post

ඒ පොඩි උන්ට බනින්න එපා… මහ උන් විනාස කළ නටබුන් අතර උන් අතරමං වෙලා… අපේ ක්‍රිකට් අනාගතය UAE වලටත් පරාදයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.