පාර්ලිමේන්තු ඉතිහාසයේ සිදුවූ නින්දා සගහගතම මැරකමක් අද සිද්ධ වූයේය. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, පී.බී. ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු කණ්ඩායම විසින් ආර්ථිකය බංකොලොත් කිරීම සිම්බන්ධව ලබා දුන් තීන්දුවට අනුව ඉදිරි රජය කටයුතු කරන ආකාරය සම්බන්ධව පාර්ලිමේන්තුව තුළ 27/2 යටතේ ප්‍රශ්නයක් විමසූ අවස්ථාවේ දී ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ ආර්ථිකය බංකොලොත් කළ කණ්ඩායම තවමත් වරප්‍රසාද සහිතව ජනතා මුදලින් සැපසේ වෙසෙන බවත්, මෙම ශ්‍රේෂ්ඨධිකරණ තීන්දුව සම්බන්ධයෙන් රජයේ පැහැදිලි කිරීමට දැන ගැනීම සඳහා තමන් මෙම ප්රශ්නය විමසන බවත්ය.
නඩු තීන්දුවේ ප්‍රකාශිත පරිදි ඩොලරයට සාපේක්ෂ රුපියලේ අගය අඩු පාලන මට්ටමක පවත්වාගන්න 2019 අවසන් වනවිට තිබූ ඩොලර් සංචිතයෙන් ඩොලර් මිලියන 7900කට ආසන්න මුදලක් විනාශ කිරීම සම්බන්ධව රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම අනර්ථය කීරීම සාපරාධි ලෙස විශ්වාසය කඩකිරීම, සාවද්‍ය පරිහරණය සඳහා වූ වරද සම්බන්ධයෙන්1982 අංක 12 පොදු දේපල පනත යටතේ නඩු පැවරීමට නීතිපතිවරයාට උපදෙස් දෙනවාද, බදු සංශෝධනය හේතුවෙන් රජයට අහිමි වූ රුපියල් මිලියන හාරලක්ෂ විසි තුන් දහස් හයසිය අසූ හතරක මුදල වග උත්තරකරුවන්ගෙන් අය කරගන්නවා ද?, අය කරගන්නවා නම් ඒ කාල රාමුව කුමක් ද?, එසේ අය කර නොගන්නේ නම් ඊට හේතුව කුමක් ද?. යන ප්‍රධාන ප්‍රශ්න විපක්ෂ නායකවරයා සිය 27/2 ප්රශ්නය යටතේ විමසුවේය.
මෙම ප්රශ්නය පුරාම විපක්ෂ නායකවරයාට බරපතල ලෙස බාධා පැමිණවීමට පොහොට්ටු මන්ත්‍රීවරු කටයුතු කළහ. අවසානයේ දී ප්රශ්නය ඉදිරිපත් කරමින් සිටි විපක්ෂ නායකවරයා අසලට පැමිණි රාජ්‍ය ඇමති සනත් නිශාන්ත, විපක්ෂ නායකවරයා විසින් අසමින් සිටි ප්රශ්නය ඔහුගේ අතින් උදුරා ගත්තේය.
එය උදුරාගෙන පොලොන්නනරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම වෙත ලබා දුන්නේය.
අනතුරුව කථානායකවරයා සභාව විනාඩි 05කට කල් තැබුවේය.
කල් තබා යළිත් විවාදය ආරම්භ වූ පසු බාධා කිරීම් මධ්‍යයේ ඔහු යළිත් එම ප්රශ්නය විමසා නිමා කළේය.
https://www.facebook.com/watch/?v=2021227008232660&ref=sharing