විසිවෙනි සංශෝධනයට සහාය දුන් සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු 8 දෙනා සම්බන්ධ කිසිම නීත්‍යානුකූල පියවරක් ගැනීමට එම බලවේගයට හැකියාවක් නොමැති බව මේ වනවිට හෙළි වී තිබේ.
සමගි ජනබලවේගයේ තීරණ කඩකරමින් ආණ්ඩුවට සහාය දැක්වූ මන්ත්‍රීවරුන් සම්බන්ධව විනය පරීක්ෂණයක් හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමට නම් ඒ් සඳහා ඒම පක්ෂයට ව්‍යවස්ථාවක් තිබිය යුතු වුවත් සමගි ජනබලවේගයට ව්‍යවස්ථාවක් මෙතෙක් සම්පූර්ණ කර නැති බව ඉතා විශ්වාසකටයුතු ආරංචිමාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.
මෙම මන්ත්‍රිවරුන් 8 දෙනා සමගි ජනබලවේගයෙන් ඉවත් කිරීම, ඔවුන්ට විනය පරීක්ෂණ කිරීම හෝ ඔවුන්ට මන්ත්‍රී ධුර වලින් ඔවුන් ඉවත් කිරීම ඇතුළු ඔවුන්ට එරෙහිව කිසිම ක්‍රියාමාර්ගයකට එළඹීමට නොහැකිව සිටින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලංකාසර කළ විමසුමක දී අනාවරණය කළේය.
ආණ්ඩුවට සහය දුන් මන්ත්‍රිවරු 8 දෙනා නෙරපා හරින බව ප්‍රකාශ කළ ද ඊට එරෙහිව අධිකරණය වෙත ගොස් තම මන්ත්‍රීධුර ආරක්ෂා කරගැනීමට නීති ප්‍රතිපාදන මෙන්ම පූර්වාදර්ශ ඔවුන්ට තිබෙන බව එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.