දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති නමුත්, තම වැඩ වර්ජනය අඛණ්ඩව කරගෙන යන බව ශ්‍රී ලංකා දුම්රිය ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම්. සේනානායක පැවසීය.
ප්‍රවාහන අමාත්‍යවරයා හෝ වෙනත් කිසිවකු සාකච්ඡා සඳහා ආරාධනා කර ඇත්නම් එම ලේඛණ ඉදිරිපත් කරන ලෙස තමන් ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින බවත්, වර්ජනය අවසන් කිරීමට පාලකයින්ට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
දුම්රිය සේවය නිසි පිරිදි පවත්වා ගැනීමට රියදුරන් 450ක් සිටිය යුතු නමුත් දැන් දෙපාර්තමේන්තුවේ සිටින්නේ රියදුරන් 280ක් පමණක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අතර වර්ජනයේ නිරත දුම්රිය එන්ජින් රියදුරන් 84 දෙනාට කඩිනමින් සේවයට වාර්තා කරන ලෙසත්, අපොහොසත් වුවහොත් එම තනතුරුවලින් ඉවත් වූවා සේ සලකන බවත් ලිඛිතව දන්වා තිබේ.
බඳවා ගැනීමේ ක්‍රියාවලිය සංශෝධන සහ උසස්වීම් ඇතුළු ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය සඳුදා (11) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කළේය.
වර්ජනය හේතුවෙන් රියදුරන් සිය රාජකාරීවලින් ඉවත්වීමෙන් පසු දුම්රිය ගමන්වාර 128කට අධික සංඛ්‍යාවක් අවලංගු වීම හේතුවෙන් මගීහු දැඩි දුෂ්කරතාවට පත්වූහ.
කෙසේ වෙතත්, අපහසුතාවයට පත්වන මගී ජනතාව වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව අද උදෑසන සහ සවස නියමිත දුම්රිය සේවා 139ක් දියත් කර තිබේ.