ඊයේ (23) රාත්රියේ ආරම්භ කරන ලද සිය වෘත්තීය ක්රියාමාර්ගය අද 24) සවස් වන විට අවසන් කරන බව දුම්රිය එන්ජින් රියදුරු සංගමය පවසයි.
නැවත සුපුරුදු පරිදි දුම්රිය ධාවනය සවස් වරුවේ සිට ක්රියාත්මක බව එම සංගමයේ සභාපති චන්දන ලාල් ප්රකාශ කරයි.
සභාපතිවරයා පැහැදිලි කරන්නේ දුම්රිය රියැදුරු සේවා වාර යෙදවීමේ ගැටලුවක් පදනම් කර ගනිමින් මෙසේ වෘත්තීය ක්රියාමාර්ගයක් දුම්රිය රියැදුරන් ආරම්භ කරන ලද බව ත් මේ සම්බන්ධයෙන් පාලනාධිකාරිය සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථක වූ බවත්ය.
කෙසේ වෙතත් දුම්රිය ආරංචි මාර්ග පවසා ඇත්තේ මේ වන විට දුම්රිය රියදුරු සංගමය සිය වෘත්තීය ක්රියාමාර්ගය අත්හරිනු ලැබුවත් අද දින ද දුම්රිය ප්රමාද වීම් හා තවත් අවලංගු වීම් සිදුවිය හැකි බවය.