හඟුරන්කෙත රහතුන්ගොඩ වත්තේ පදිංචි පුද්ගලයෙකු සිය බිරිය හා වයස අවුරුදු එක හමාරක දරුවා අතුරුදහන්ව ඇති බවට කළ පැමිණිල්ල විමර්ශනය කළ බවත්, එම කාන්තාව සිය දරුවාද රැගෙන නිවසින් පිටවී ගොස් ඇත්තේ සැමියා සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් බවත් ඒ සම්බන්ධව විමර්ශනය කරන පොලිස් විමර්ශන අංශ පවසයි.
පොලිසියට මෙම පැමිණිල්ල කළ මෝහසුන්දරම් සම්පත් නැමැති 20 හැවිරිදි පුද්ගලයා පැමිණිල්ලෙන් අනතුරුව තම බිරිඳ හා දරුවා අතුරුදන්ව ඇති බවට මාධ්‍යවේදීන්ට තොරතුරු ලබා දුන්නේ එමගින් ඇය යළි ගෙන්වා ගැනීමට හැකි වෙතැයි අපේක්ෂාවෙන් බව පොලීසියට පවසා ඇත.
විමර්ශන මෙහෙයවන පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ පැමිණිලිකරු අධික ලෙස මත්පැන් පානය කරන බවත් මේ හේතුවෙන් ඔහු හා බිරිය අතර නිතර ගැටුම් ඇතිව තිබුණ බවත්ය.
බිරිඳ දරුවා සමඟ නිවසින් පිටව ගොස් ඇත්තේ ඔවුන් ගේ ඇදුම් ද රැගෙන බව පොලීසිය පවසයි.
නිවසින් පිටව ගිය 21 හැවිරිදි කාන්තාව හා දියණිය ඔවුන් ගේ ඥාති නිවසක ඇතැයි පොලීසිය සැක කරයි.
හඟුරන්කෙත පොලීසිය පරීක්ෂණ පවත්වයි.