ශ්‍රියානි විජේසිංහ
ප්‍රතික්‍රීයක නොමැති වීම හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් පරික්ෂණ පසුගිය 26 වෙනිදා සිට නතර කර ඇතැයි රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ හේතුවෙන් ස්කෑන් පරීක්ෂණ කර ගැනීමට සිටින පිළිකා රෝගීහු මහත් අසීරුවකට පත්ව ඇතැයි සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පැවසුවේය.
පෙට් ස්කෑන් යන්ත්‍ර රජයේ රෝහල්වල ඇත්තේ කොළඹ ජාතික රෝහලේ සහ අපේක්ෂා රෝහලේ පමණක් වන අතර මෙම පරීක්ෂණය පෞද්ගලික අංශයෙන් කර ගැනීමට යාමේදී රුපියල් ලක්ෂ 3ක් පමණ වැය වෙනු ඇතැයිද හෙතෙම පෙන්වා දේ.
මෙම පරීක්ෂණය සිදු කරනුයේ පිළිකා රෝගියකුගේ පිළිකා සෛල වර්ධනය සහ එහි ක්‍රියාකාරීත්වය සූක්ෂම සොයා බැලීම සඳහා වන බැවින් සහ එම පරීක්ෂණයට භාජනය කිරීමට පෙර රෝගියට FDG නැමැති ප්‍රතික්‍රීයක එන්නත් කළ යුතු බව චානක මහතා පැවසිය.
මෙම ප්‍රතික්‍රීයක සැපයූ සැපයුම්කරු වෙනස් කර වෙනත් සැපයුම්කරුවකු ටෙන්ඩරය ලබා දීම හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුව ඇතැයිද මෙය ප්‍රතික්‍රීයක නැවත ලැබෙන තෙක් පෙට් ස්කෑන් පරීක්ෂණ කර ගැනීමට නොහැකි වී ඇතැයිද සඳහන්වේ.