පාර්ලිමේන්තු මන්ත්රී ජයරත්න හේරත් ගමන් ගත් ඩිෆෙන්ඩර් රථය ඩිමෝ බට්ටා ලොරියක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 07ක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.
ඊයේ (03) රාත්රී 9.30ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ වාරියපොල කොමර්ෂල් බැංකුව ඉදිරිපිටදී ය.
තුවාල ලැබූ පුද්ගලයින් අතර මන්ත්රීවරයාගේ ඩිෆෙන්ඩර් රථය පැදවූ රියදුරාත්, ඩිමෝ බට්ටා රථය පැදවූ රියදුරු ඇතුළු එහි ගමන් ගත් 06 දෙනෙකුත් තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මන්ත්රීවරයාට අනතුරක් සිදුවී නැති බව පොලිසිය කියයි. වාරියපොල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි