හිටපු විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධූරයෙන් පහ කර රනිල් වික්‍රමසිංහ පොහොට්ටු ආණ්ඩුවේ ජනාධිපති විමේ සංක්‍රාන්තිය සිද්ධ වීමට මුල් වූ අරගලය ඉපදුන ගෝල්ෆේස් භූමියේ රටේ දැවැන්තම බක් මහ උළෙළ රාජ්‍ය මැදිහත් විමෙන් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තීරණය කර තිබේ.
මෙම බක්මහ උළෙල ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය අංශයේ ආයතන ගණනාවක් එකමුතුව මෙම බක්මහ උළෙල සංවිධානය කර ඇත.
සියලුම රාජ්‍ය ආයතනවලට පුද්ගලික අනුග්‍රාහකයින් සොයාගෙන වියදම් පියවා ගැනීමට නියම කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
සියලු ලාංකිකයින්ට හා විදේශිකයින්ට මේ බක් මහ උළේලේ තරග විවෘතව ඇති බැවින් ජනාධිපතිවරයා ප්රමුඛ රජය මෙම අවුරුදු උත්සවයට සහභාගී වන ලෙස සියලුම ලාංකිකයින්ගේන් ඉල්ලා සිටී.
රටේම ජනතාව ඒකරාශී වූ ගොල්ෆේස් භූමිය කේන්ද්‍ර කරගත් ජන අරගලයට පසුගියදා වසරක් පිරුණේය.
“වසත් සිරිය 2023” ලෙස නම් කර ඇති මෙම බක් මහ උළෙළ සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.