මුළු රටේම නින්දාවට හා ගර්හාවට පත් කරමින් රිදියගම සෆාරි උද්‍යානයේ සිද්ධවන දඩමස් ජවාරම ගැන කථිකාවක් ප්‍රබල ලෙස ඇති වී තිබෙද්දීත්, මේ අවුරුදු සමයේ දී ද සෆාරි උද්‍යානයේ සතුන් දඩ මස් පිණිස මරා මස් කර ඇති බව එම උද්‍යානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග මාධ්‍යයට හෙළි කර තිබේ.
එහි සේවකයෙක් හිරු ප්‍රවෘත්ති සේවයට විශේෂ හෙළිදරව්වක් කරමින් ප්‍රකාශ කළේ මේ සියලුම අපරාධ සිදුකරන්නේ සෆාරි උද්‍යානය පරිස් බවත්, ඔවුන්ට එරෙහිව කුමණ හෝ තොරතුරක් එළියට ලබා දුනහොත් මරණ තර්ජන කරමින් බියපත් කරනවා පමණක් නොව, ඉතාම අශිෂ්ට ලෙස රාජකාරියෙන් ද පළි ගන්නා බවය.
අවුරුදු සමයේ ගමටම කසිප්පු බෙදන ජාවාරම සිදුකරන්නේ සෆාරි උද්‍යානයේ පිරිසක් බව පවසන මෙම සේවකයා රහසිගතව කටඋත්තර ගෙන නිසි විමර්ශනයක් කළහොත් මේ අපරාධ සිදුකරන පුද්ගලයින්ගේ නම් ගම් සහිතව හෙළිදරව් කළ හැකි බව පැවසුවේය.
හිරු පුවත් සේවයට අනාවරණයක් කරමින් එම සේවකයා කීවේ මෙසේය.
“කවුරුවත් වෙනුවෙන් නෙමෙයි කතා කරන්නේ මේ සෆාරි උද්‍යානය වෙනුවෙන්. මේක වහන තැනට දැන් කට්ටිය වැඩ කරලා තියනවා. මේක රැකුනොත් තමයි අපි රැකෙන්නේ.”
“අපරාධ ඔක්කොම යට ගහන්න හදනවා . අපිට මේකට විරුද්ධව එළියට බහින්න බෑ. ට්‍රාන්සර් දෙනවා. පළි ගන්නවා. අමාරුම ඩියුටිය දානවා. මරණ තර්ජන එල්ල කරනවා. කෝල් කරලා බනිනවා. “
“පොලිසිය ආවට පස්සේ එයාලට සංග්‍රහ කරනවා.”
“මේක ඇතුළෙ අය අවුරුද්දට මුළු ගමටම කසිප්පු පෙරළ දෙනවා. ඒ වගේ දේවල් ගොඩක් උනා. මේ ගම්මානයෙ දඩමස් තියනවා. ඒ දඩ මස් තියෙන්නේ මේ ඇතුළෙ සත්තුන්ගේ. වෙන සත්තු මෙහෙ නෑ. මේ ඔක්කොම කරන්නේ ඇතුළෙ ඉන්න කට්ටිය. රහසිගත පරීක්ෂණයක් කෙරුවොත් නම් ගම් එක්ක කියන්නම්.” සේවකයා කීවේය.
කෙසේ වෙතත් මේ වනවිට රිදියගම සෆාරි උද්‍යානය තුළ සිද්ධවන සත්ත්ව ඝාතන සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් තංගල්ල මූලස්ථාන පොලිසිය විසින් අද දවස පුරාම දියත් කර තිබේ.
වනවජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් ස්වාධින පරීක්ෂණ කමිටුවක්ද මේ පිළිබඳව සොයා බැලීමට පත් කර ඇත.
මෙම අනාවරණය සිදුකළ හිරු සිද්ධිය වාර්තා කළේ මේසේය.