කීර්ති ප්‍රනාන්දු –
ගම්පොල දෙස සිට හෙම්මාතගම දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් හෙම්මාතගම දී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලීම නිසා ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් මිය ගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ ඉන්දීය සම්භවයක් සහිත ඕසට්‍රේලියානු කානාතාවක්වූ ප්‍රකාශ් ෂරීටා දේවී නැමති 68 හැවිරිදි කාන්තාවකි. මෙම අනතුරෙන් ඇයගේ දියණිය සහ මෝටර් රථය පදවාගෙන ගිය රියදුරා ද තුවාල ලබා තිබේ.
තුවාල ලැබූ දෙදෙනා ගම්පොල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙති.
අපරික්ෂාකාරීව වේගයෙන් රිය ධාවනය කිරීම නිසා රථය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිිසිය පවසයි.