බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 චීනය නැතිව ණය කතා ඇරඹෙයි ! වෙනම කතා නොකිරීමට ශ්‍රි ලංකාව තීරණයක!

by editor
අප්‍රේල් 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාව විදේශ රටවලට පවතින ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා අදාළ වැඩ සටහන සැකසීම චීනයේ සහභාගීත්යෙන් තොරව මේ වනවිට ආරම්භ වී ඇති බවත් ශ්‍රී ලංකාව චීනය සමඟ මෙම ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව වෙනම පෞද්ගලික මට්ටමේ සාකච්ඡා සිදු නොකිරීමට තීරණය කර ඇති බවත් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කරයි.

ශ්‍රි ලංකාවට ණය ලබා දී ඇති රටවල් පසුගියදා ජපානයේ මූලිකත්වය යටතේ  ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී සාකච්ඡා ආරම්භ කළ අතර ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද සහභාගී විය.

ශ්‍රි ලංකාවට ණය ලබා දුන් ප්‍රධානතම රට ලෙස චීනය මෙම වැඩසටහනට සහභාගී වනු  ඇතැයි අපේක්ෂා කළද චීනය ඊට සහභාගී වූයේ නැත.

ජාත්‍යන්කර මූල්‍ය අරමුදලෙන් ලබා ගැනෙන ඇමෙරිකානු ඩොලර් බිලියන  2.9 ක විස්තීරණ මූල්‍ය පහසුකම වෙනුවෙන් මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ අත්‍යවශ්‍ය එකක් වන අතර මේ වනවිට අදාළ ප්‍රතිව්‍යූහගතකරණයට එකඟ වූ රටවල් සමඟ මේ ණය ආපසු ගෙවීමේ සැලසුම් පිළිබඳව මේ වනවිට සාකච්ඡා ආරම්භ වී ඇත.

එසේ වුවද චීනය තමන් ශ්‍රි ලංකාව් ණය සම්බන්ධයෙන් පෙර ලබා දුන් වසර දෙකක ආපසු ගෙවීමේ සහනය හැරෙන්නට වෙනත් යෝජනාවක් සිදු කර නැති අතර ජපානය ප්‍රමුඛ ණය හිමි රටවල් ඉල්ලා සිටියේ ණය හිමි රටවල් ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම් සාකච්ඡා සඳහා සහභාගී වන ලෙසය.

RelatedPosts

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

කෙසේ වුවද මෙම ඉල්ලීමට චීන විදේශ කටයුතු අමාත්‍යංශය  ධනාත්මක ප්‍රචාරයක් ලබා දුන්නද ඊට  සහභාගි වූයේ නැත.

මේ අනුව එම රටවල් සිය ණය ප්‍රතිව්‍යුහගතතරණ සැලසුම් ශ්‍රී ලංකාවේ විශාලතම ණය හිමියා වන චීනයේ සහභාගීත්වයෙන් තොරව ආරම්භ කර ඇති අතර තවදුරටත් චීන සහය ඔවුන් බලාපොරොත්තු වන බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි.

විශේෂයෙන්ම   ශ්‍රි ලංකාව ඝානාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබා දුන් ණය ආපසු අය කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිටත් චීනය දැනට ඔවුන් අනුගමනය කරන ප්‍රතිපත්ති ලිහිල් කරන බවට ජාත්‍යන්කර මූල්‍ය අරමුදල සහ ලෝක බැකුව වෙත ප්‍රකාශ කරනු ලැබ තිබේ.

කෙසේ වුවද මෙම තත්ත්වය මත ශ්‍රි ලංකාව දැනට  ණය හිමි රටවල්  ආරම්භ කර ඇති ක්‍රියාවලිය අවුල් සහගත වීමට ඉඩ ඇති බැවින් චීනය සමඟ වෙනම සාකච්ඡා නොපවැත්වීමට තීරණය කර ඇති බවද එම ප්‍රවෘත්තියේ සඳහන් වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගම්පොල දී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී ඔස්ට්‍රේලියානු කාන්තාවක් මරුට….

Next Post

සිය දිවි නසාගත් බව කී අපරාධකරුවෙක් වසර එක හමාරකට පසු පණ පිටින් අත්අඩංගුවට…

Related Posts

පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.