අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිය දිවි නසාගත් බව කී අපරාධකරුවෙක් වසර එක හමාරකට පසු පණ පිටින් අත්අඩංගුවට…

අපරාධකරු යාචකයෙක් මරා පුලුස්සා ඒ මරණය තුළ තම අනන්‍යතාවය සඟවන්න හැදුවාදැයි සැකයක්... ඔහුගේ අපරාධ සහායක මිතුරාත් අත්අඩංගුවට...

by editor
අප්‍රේල් 17, 2023
in පුවත්
prison-jail-hands-bar
Share on FacebookShare on Twitter

ගයාන් කුමාර විරසිංහ –

සිරුරට ගිනි තබා ගෙන සිය දිවි හානි කර ගත් බව කී අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු වසර එකහමාරකට පසු පොලිසියට හසුවී තිබේ.

සිය දිවි නසාගත් බව කී මේ අපරාධකරු හබරණ පළුගස්වැව පදිංචි සුදේශ් ඉලංගසිංහ (29) නැමැත්තෙකි.

මෙම පුද්ගලයා පිළිස්සී මිය ගොස් ඇතැයි විශ්වාස කරන්නේ හබරණ, පලුගස්වැව, කුඩා රඹෑවේ ගල් වැඩපොළක් ආසන්නයේ තිබී පිලිස්සී මිය ගිය පුද්ගල සිරුරක් හබරණ පොලිසියට  2021 වසරේ ඔක්තෝබර් 29 දා  හමුවීමත් සමගය.

හඳුනා ගැනීමට නොහැකි තරමට කරුකුට්ටම් වී ගිය ඒ සිරුරට මඳක් ඈතින් වැටී තිබුණු ලිපියකට අනුව මියගොස් ඇත්තේ පලුගස්වැව පදිංචිකරුවකු වූ සුදේශ් ඉලංගසිංහ   නමැති අයකු බවත්, මෙය සිය දිවි හානි කර ගැනීමක් බවත් නිගමනය කෙරිණි.

කොල්ලකෑම්, බීමත්ව රිය පැදවීම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් අධිකරණයේ වරෙන්තු   ලබා සිටි පුද්ගලයකු වන ඔහු මෙසේ සිය දිවි හානි කර ගෙන ඇත්තේද ඒ හේතු නිසා බවට සැකයක් මතු වී තිබුණේ ඒ ලිපියේ සඳහන් වූ ඇතැම් කරුණු සලකා බැලීමේදීය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අත්අකුරු සැසඳීමේදී ඒ සුදේශ් ඉලංගසිංහගේ බව නිගමනය කළ  පොලිසිය මරණය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීමට පියවර ගත්තේය.

කෙසේ වෙතත් මරණය සම්බන්ධයෙන් පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී පවුලේ කිසිවකුත් සම්බන්ධ නොවීම නිසා පොලිසියට සැකයක් ඇති වී තිබේ. එබැවින් මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් පැවැත්වීමට පොලිසිය තීරණය කර ඇති අතර, වැඩි මනත් තොරතුරක් නොලැබුණත් ඒ විමර්ශන කටයුතු අත්හැර දමා තිබී නැත.

මේ අතර පසුගිය දා කිසියම් පුද්ගලයකු සිය බිරියගේ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කර ජංගම දුරකතන සිම් කාඩ් පතක් මිල දී ගෙන ඇති බවට පුද්ගලයකු මකුළුගස්වැව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව   විමර්ශනයක් ආරම්භ කෙරිණි. එහිදී

අදාළ තැනැත්තා පොලිසියට ගෙන්වා ප්‍රශ්න කිරීමේදී පදිංචි ස්ථානය වශයෙන් ඔහු හබරණ ලිපිනයක් පවසා ඇති අතර, මකුළුගස්වැව පොලිසියේ නිලධාරීන් හබරණ පොලිසියට ඒ ගැන දැනුම් දී මොහුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට පියවර ගත්තේ ඒ අනුවය. එහිදී හෙළි වන්නේ එවැනි නමක් ඇති පුද්ගලයකු එම ලිපිනයේ නැති බවයි.

මෙහිදී හබරණ පොලිසියට සැකයක් මතු වන්නේ වසර එකහමාරකට පෙර සිය දිවි හානි කර ගත්තේ යැයි කියූ පුද්ගලයා මොහු විය හැකි බවයි. හබරණ පොලිසියේ නිලධාරීහු මකුළුගස්වැව පොලිසියට වහා ඒ බව දැනුම් දුන්හ. ඒ ඔස්සේ කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී හෙළි වන්නේ වසර එකහමාරකට පෙර ගිනි තබා ගෙන සිය දිවි හානි කර ගත්තේ යැයි කී පුද්ගලයා ජීවතුන් අතර සිටින බවයි.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළි කරනු ලබන්නේ සිය මිතුරා විසින් යාචකයකු ත්‍රිරෝද රථයක නංවාගෙන ගල් වැඩපොළ අසලට රැගෙන විත් මරා පුලුස්සා දමා මේ රඟපෑම කළ බවයි.

මොහු තම බිරියගේ හැඳුනුම්පතින් සිම් කාඩ් පතක් ගත්තේ යැයි පොලිසියට පැමිණිලි කර තිබුණේ ඔහුය. ඒ අනුව මැදිරිගිරිය රණවිරුගම්මානයේ පදිංචි ඔහුගේ මිතුරකු වන ගයාන් විජේසිංහ (36) නමැති එම පුද්ගලයාද පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණි.

මේ ගැන ගයාන් විජේසිංහ නමැති සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී යාචකයකු මරා දැමීමක් සිදු නොවූ බවත්, සිය බිරියගේ හැඳුනුම්පතින් සුදේශ් සිම් කාඩ් පතක් මිල දී ගැනීම ගැන තමා කළ පැමිණිල්ල මත ඔහු පොලිසියට හසු වීම නිසා තමා අමාරුවේ දැමීමට බොරුවක් කියන බවත් ඔහු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබිණි.

පිලිස්සුණු සිරුර පිළිබඳ පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා ඇත්තේ සුසාන භූමියකින් ගොඩ ගත් මළ සිරුරක් මෙසේ පුලුස්සා දැමූ බව සිය මිතුරා තමාට පැවසූ බවයි. ඊට තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බව සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ දිගින් දිගටම පවසා තිබේ.

කෙසේ වෙතත් දෙදෙනාම මේ හැම දෙයක්ම දැන සිටින බවත්, අපරාධ සැලසුමටද දෙදෙනාම සම්බන්ධ බවත් පෙනී යන බැවින් ඔවුන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය කියයි. මේ වන විට ඔවුන් දෙදෙනාම සිටින්නේ ලබන 24 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබය.

හබරණ පොලිසියේ උසස් නිලධාරියකු සඳහන් කළේ මෙතෙක් මේ අපරාධයේ සුලමුල විසඳා අවසන් නැති බවයි. සැබෑ ලෙසම මොවුන් යාචකයකු ඝාතනය කර පුලුස්සා දැමුවාද? නැති නම් මළ සිරුරක් ගොඩ ගෙන පුලුස්සා දැමුවාද? යන්න පිළිබඳ විමර්ශන සිදු කරන බවත්, ඒ සඳහා සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට අධිකරණ නියෝග ගැනීමට කටයුතු කර ඇති බවත්, ඒ අනුව ඉදිරි දිනක අනුරාධපුර බන්ධනාගාරයට ගොස් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන බවත් පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

දිනමිණ –

Tags: නවතම
Share69Tweet43
Previous Post

 චීනය නැතිව ණය කතා ඇරඹෙයි ! වෙනම කතා නොකිරීමට ශ්‍රි ලංකාව තීරණයක!

Next Post

ශ්‍රී ලංකන් ගුවන් යානා පෝලිමට කැඩෙන්න අරන්… කාර්මික දෝෂයක් නිසා පැය 30කට වඩා ප්‍රමාද වුණ යානයක් අද මෙල්බන් සිට කටුනායකට…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.