දිනසේන රතුගමගේ –
ඉන්දීය ධීවරයින්ට හා චීන ධීවර සමාගම් වලට විරෝධය පල කිරීම සදහා යාපනයේ පාසිඌර් ප්‍රදේශයේ ධීවර සංගමය ඊයේ (28 ) මුහුදු යාමෙන් වැලකී මුහුද මැද විරෝධතාවයක නිරත වූහ.
![](http://lankasara.com/wp-content/uploads/2023/03/BOATS-005.jpg)
පාසිඌර් ධීවර සංගමයේ නියෝජිතයින් කියා සිටියේ දැන් පෙරටත් වඩා ඉන්දීය ධීවරයින් හා ඔවුන්ගේ ට්‍රෝලර් යාත්‍රා උතුරු මුහුදු සීමාවට පැමිණෙන බවයි.
ඊට අමතරව චීන සමාගම් කීපයක් උතුරේ ස්ථාන කීපයක මුහුදු ආහාර නිෂ්පාදනය කිරීමේ ගොවිපලවල් ආරම්භ කොට ඇති බවත් එම ගොවිපල වටා මසුන් මැරීමේ කටයුතු උතුරේ ධීවරයින්ට තහනම් කොට ඇති බවත්ය.
ඉන්දීය හා චීන ජාතිකයින් නිසා උතුරේ ධීවර කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වී ඇති අතර උතුරේ ධීවරයින්ගේ ආදායම බෙහෙවින් අඩු වීගෙන යන තත්ත්වයකට ධීවරයා මුහුණ පා සිටින බවත් පාසිඌර් ධීවර සංගමයේ නියෝජිතයෝ සඳහන් කරති.
මේ සම්බන්ධයෙන් අදාල බලධාරීන්ට ලිපි කීපයක් මගින් තොරතුරු දන්වා සිටින ලද නමුත් ඊට මේ දක්වා ප්‍රතිචාරයක් නොමැති නිසා මුහුදු යාමෙන් වැළකි මහ මුහුද මැදට ගිය ධීවරයෝ ශ්‍රී ලංකාවේ උතුරු මුහුදට පැමිණ ධීවර කටයුතු වල නිරත ඉන්දියාවේ හා චීනයේ පිරිසට විරෝධය පල කල බව කියා සිටියහ.
තව දුරටත් මෙම අක්‍රමිකතා පැවතියහොත් සමස්ත උතුරේම ධීවරයින් සහභාගී කරවා ගෙන විශාල විරෝධතාවයක් මහා සාගරය මැද ආරම්භ කරණ බවද එම ධීවර නියෝජිතයෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ..