ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ලබා ගැනීමට අපේක්ෂා කරන ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය පහසුකමට අවශ්‍ය චීන ණය ප්‍රතිව්‍යුහගතකරණයට ඊයේ (06) සිය නිල එකඟතාවය, ප්‍රකාශ කර ඇති බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (07) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
චීනයේ අපනයන ආනයන බැංකුව හරහා චීන රජයේ ද්විපාර්ශවික ණය සඳහා මෙම එකඟතාව ලිඛිතව ලබා දී ඇති බවත් ජනාධිපතිවරයා අද ප්‍රකාශ කළේය.
ඒ අනුව ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ, දැවැන්ත ආර්ථික අර්බුදයක සිටින ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ණය සහනය ලබා ගැනීමට පැවැති ලොකුම බාධකය එයින් ඉවත් වන බවයි.
අද පෙරවරුවේ ‘බ්ලූම්බර්ග් වෙබ් අඩවිය’ මේ පිළිබඳව නිවේදනය කිරීමත් සමඟ රුපියලේ අගය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සීයට 4කින් ශක්තිමත් වී ඇති අතර ඩොලරයේ ගැනුම් මිල රරුපියල් 318.30ක් ලෙස සහ විකුණුම් මිල 335.75ක් ලෙස සටහන් විය.
එසේම සියලු කොටස් මිල දර්ශක අගයන් ද සීයට 2කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ වාර්තා සඳහන් කරයි.
චීනය, ශ්‍රී ලංකාවේ විශාලතම ණය හිමියා වන අතර මේ වන විට ඩොලර් බිලියන 7.4ක් චීනයට ණය වී ඇති බව සඳහන් වේ