සූරියවැව නුවන් ජයසේකර –
අද (19) පෙරවරුවේ වීරකැටිය ගුරුගොඩැල්ල හකුරුවෙල ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කර පළාගොස් ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනය කර ඇත්තේ ගල්කුඩේ ගෙදර, හකුරුවෙල, ගුරුගොඩැල්ල වීරකැටිය පදිංචි අතුල රත්නායක නැමති තිදරු පියෙකි.
මියගිය පුද්ගලයා අද (19) පෙරවරුවේ සිය පුත්‍රයා සමග ඔහුගේ නිවස ඉදිරිපිට සිටියදී මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් මරණකරුගේ හිසට වෙඩි තබා පළාගොස් තිබේ .වෙඩි වැදුණු පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර සිද්ධිය පිළිබඳව වීරකැටිය පොලිසිය විසින් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධීකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මහේස්ත්‍රාත් පරීක්ෂණය පස්වරුවේ පැවැත්විණි.
සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා තංගල්ල මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී හමුවට ඉදිරිපත් කෙරුණි.
වෙඩි වැදීමෙන් මිය ගිය පුද්ගලයාට මිට පෙරද අවස්ථා දෙකකදි කිසියම් පුද්ගලයින් පිිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කිරිමට උත්සාහ කර ඇති අතර මරණ කරු එම අවස්ථා දෙකේදීම ජීවිතය අනුනවයෙන් බේරාගෙන ඇති බව මුලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
වෙඩි තැබිම සිදුකළ පුද්ගලයන් කවුරුන්ද යන්න මෙතෙක් හදුනාගෙන නොමැති අතර සිද්ධිය පිළිබදව තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න ගේ උපදෙස් පරීදි වීරකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන වත්වයි.







