ශ්‍රී පාද වන්දනාවේ ගොස් පැමිණෙමින් සිටි බැතිමතුන් පිරිසක් සහිත බස් රථයක් නෝට්න් බ්‍රිජ් පෙදෙසේ දී අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් බරපතල අනතුරක් සිදු වී තිබේ.
අද රාත්‍රීයේ සිදුවූ මෙම අනතුරින් විපතට පත්වූ පිරිස් මේ වනවිට මුදාගනිමින් ඇත.
මේ වනවිට එක් මරණයක් වාර්තා වී ඇත. තුවාලකරුවන් 28 දෙනෙක් රෝහල්ගත කර තිබේ.
ඉන් කීප දෙනෙක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වාර්තා වී ඇත.