සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු එක හමාරකින් රටේ ආර්ථිකය ගොඩ නැගූ පසු දේශපාලනය කළ හැකියි… ජනපති මල්වතු අස්ගිරි කාරක සංඝ සභාව හමුවේ සිය ස්ථාවරය  කියයි!

ගෝඨාභය   ජනාධිපතිවරයාගේ   ඉල්ලීම මත ජනතාවගේ දෝෂාරෝපණය මැද රට භාරගත්තේ ආර්ථිකය ගොඩනැගිය හැකි බවට දැඩි විශ්වාසයෙන්...

by editor
පෙබරවාරි 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ගෙන්  කළ ඉල්ලීම අනුව  ජනතාවගේ දෝෂාරෝපණය මධ්‍යයේ වුවත් අගමැති ධූරය භාරගනු ලැබුවේ  මෙරට ආර්ථිකය නඟා සිටුවිය හැකි බවට දැඩි විශ්වාසයක් සහිතව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මල්වතු අස්ගිරි කාරක සංඝ සභාව හමුවේ පැවසුවේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මල්වතු පාර්ශ්වය සහ අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාව සහ   ජනාධිපතිවරයා  අතර මහනුවර ජනාධිපති මන්දිරයේ දී අද (19) පැවති සාකච්ඡාවේදී ය.

මෙහිදී කාරක සංඝ සභා හිමිවරුන්ගේ යෝජනාවලට එකඟත්වය පළකරමින්   පිරිවෙන් අධ්‍යාපනයේ  ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බවට කාරක සංඝ සභික ස්වාමීන් වහන්සේලා කළ යෝජනාව නියත වශයෙන්ම ක්‍රියාවට නංවන බව ජනාධිපතිවරයා  සඳහන් කළේය.

රට තුළ බෞද්ධ ප්‍රබෝධයක් ඇති වන අන්දමින් 2023 වෙසක් උත්සවය රාජ්‍ය මැදිහත්වීමෙන් පවත්වන ලෙස මල්වතු අස්ගිරි කාරක සංඝ සභික ස්වාමීන්වහන්සේ කළ ඇරයුම ද ජනාධිපතිවරයා පිළිගත්තේය.

බෞද්ධ භික්ෂුන් වහන්සේලාට සහ   විහාරස්ථානවල පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඒවාට ලබාදිය හැකි සියලු විසඳුම් ලබාදෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉදිරි වසර එකහමාර තුළ  රටේ ආර්ථික ස්ථාවරත්වය ඇතිකිරීමට කටයුතු කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා මෙම වසර අවසන් වීමට පෙර ජනතාවට සහන ලබා දිය හැකි ආර්ථිකයක් රට තුළ ගොඩනඟන බව ද පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේ පැවසුවේය.

2019 වසරේදී දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 15ක්ව පැවැති රජයේ බදු ආදායම සියයට 9 දක්වා අඩුවී තිබුණා . ඒ නිසා මේ රටේ ආර්ථිකය අයහපත් තත්ත්වයකයි පැවතුනේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට දන්වා සිටියේ ඔබලාගේ ආදායම  අහිමිකරගෙන තිබෙන බවයි. වෙනත් රටවල් ඔවුන්ගේ ජනතාවගෙන් උපයාගත් බදු මුදල් ඔබලාට ලබා දෙන්න නම් ඔබලාගේ රටේ ආදායම් වැඩි කර ගන්න කියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට දන්වා සිටියා.

මම ජනාධිපති ධුරය භාරගන්නා අවස්ථාවේදී රටේ උද්ධමනය වැඩි වී රුපියල කඩා වැටිලයි තිබුණේ. නමුත් අපි පළමුවෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර යම් විසඳුමකට පැමිණිමට කටයුතු කළා. ඒ නිසා එදා ජනතාවට තිබුණු අසීරුකම් බොහොමයක් අද මගහැරී ගොස් තිබෙනවා.

මම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලයේ දී පවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන ලෙස ඉල්ලා සිටියා. ඒ වගේම මම ඒ සඳහා මැදිහත්වීමක් ද සිදු කළා.

අවාසනාවට මැයි නව වෙනිදා සිදුවූ දෙයින්  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කළ සාකච්ඡා බිඳ වැටුණා. ඉන් පසුව  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සජිත් ප්‍රේමදාස මහත්තයට අගමැතිකම භාර ගන්න කියලා ආරාධනා කළා. ඒ වගේම විපක්ෂයේ අනිත් අයටත් එන්න කිව්වා.

දේශපාලන ස්ථාවරභාවයක් ඇති කර ගනිමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යාම සඳහා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  කැඳවූ  සාකච්ඡාවලට පවා සහභාගී වුනේ  එක්සත් ජාතික පක්ෂයත් දෙමළ ජාතික සන්ධානයත් විතරයි. අනිත් අය මේ සාකච්ඡා වලට සහභාගී නොවුනේ සහ අගමැති ධූරය භාර නොගත්තේ රට මුහුණ දී තිබූ අසීරු තත්ත්වය දැන සිටි නිසයි.

නමුත් අවසන් අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මගෙන් කළ ඉල්ලීම ජනතාවගේ දෝෂාරෝපණය මධ්‍යයේ වුවත්  මම භාර ගත්තේ මෙරට ආර්ථිකය නඟා සිටුවිය හැකි බවට දැඩි විශ්වාසයක් මා තුළ තිබු නිසයි.

ඒ අනුව ඉදිරි වසර එකහමාර  ඇතුළත රටේ ආර්ථිකය ශක්තිමත් මට්ටමකට ඔසවා තැබීමට මම කටයුතු කරනවා. ඉන් පසුව අපි දේශපාලනය කරමු. එහෙත් රට ගොඩනඟන මෙම වැඩපිළිවෙළට සියලුදෙනාගේ සහාය අවශ්‍යයි. මේ වසරේ මැයි, ජුනි, ජූලි මාස වන විට ජනතාවට සහන සැලසිය හැකි ආර්ථිකයක් සකස් කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. මෙම කාලය අසීරු වුවත් මේ කාලය තුළ සියලුදෙනාගෙන් ලැබෙන සහයෝගය මත ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් බවට පත් කිරීමට හැකියාව තිබෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ අපරාධ අංශ OIC පොලිස් කුපාඩිකමක… බීමතින් පොලිස් කණ්ඩායමක් සමග පැමිණ සිවිල් වැසියෙකුට බරපතල ලෙස පහර දීලා…

Next Post

වීරකැටිය වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට…මින් පෙර අවස්ථා දෙකක දීත් ඝාතනය කරන්න හදලා… අනූ නවයෙන් ජීවිතය බේරාගෙන…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.