විශිෂ්ට පර්යේක්ෂකයෙක්, නිර්මාණකරුවෙක්, සම්භාවිත තරුණ විද්වතෙක් ලෙස ප්‍රකට මහාචාර්ය සෞම්‍ය ලියනගේ කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඔහු දැරූ පීඨාධිපති, මහාචාර්ය ආදී තනතුරු වලින් ඉවත් කර තිබේ.
වාර්තා වන පරිදි එයට හේතුව ලෙස විශ්ව විද්‍යාල පාලක සභාව ගෙනහැර දක්වන්නේ, කථිකාචාර්ය වරයෙකු ලෙස තම පරිවාස කාලය නිමවන්නට පෙර සපුරාලිය යුතු පශ්චාත් (ආචාර්ය?) උපාධි සුදුසුකම ඔහු සපුරා නොමැති බවයි.
සෞම්‍ය ලියනගේ ආචාර්ය උපාධි ධරයෙකි. ඔහු ඔස්ට්‍රෙලියානු සරසවියක සිය මුල් පශ්චාත් උපාධිය සම්පූර්ණ කර තිබිණි. සෞම්‍ය ලියනගේ නිසි පරිදි සිය පශ්චාත් උපාධිය සපුරා නොතිබුනේ නම් එය සොයා බලා පියවර ගැනීම විශ්වවිද්‍යාල පාලක සභාවේ වගකීම වුව ද ඔවුන්ට මෙය සොයා ගැනීමට වසර හයක් ගත වීමත්, ඒ කාලය තුල ඔහු පීඨාධිපති සහ මහාචාර්ය තනතුරු වලට උසස් කර තිබීමත් පිළිබඳව විද්වත් සමාජය මේ වනවිට ප්‍රශ්න කරමින් හිඳී.
මේ සම්බන්ධව සිය අදහස් දක්වමින් ලාංකික සමාජය තුළ විධග්ධ සිනමා සංස්කෘතියක් බිහිකිරීමට කැපවුනු ප්‍රවීන නිර්මාණකරුවෙක් වු අශෝක හඳගම සිය ෆේස්බුක් ගිනුමේ මෙසේ සිටහන් කර තිබිණි. =
“ සෞම්‍ය ලියනගේ යනු සරත්චන්ද්‍ර යුගයෙන් පසු සරසවිය තුළ පර්යේෂණ සංස්කෘතියක් ඇති කිරීමට තරම් ශක්‍යතාවක් ඇති අයෙකි. විදේශීය විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතන සමඟ බුද්ධිමය ගනු දෙනු කිරීමට සම්බන්ධතා ගොඩ නගා ගත්තෙකි. සෞන්දර්ය විශ්ව විද්‍යාලය මෙතෙක් පැවති කලායතන මට්ටමින් ඉහලට ඔසවා තැබීමට තරම් විභවයක් ඇත්තෙකි. ලංකාවේ විශ්ව විද්‍යාල තුළින් මෙවැනි ආචාර්ය වරුන් හමු වන්නේ කලාතුරකිනි. එවැනි උගත් ක්‍රියාකාරී බුද්ධිමත් ආචාර්ය වරුන් විශ්ව විද්‍යාල තුළ රඳවා ගන්නට කටයුතු කිරීම වගකිව යුත්තන් ගේ වගකීමකි.“