කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා කොළඹ ජාතික රෝහලේ බව පවසමින් වීඩියෝ පටයක් මාධ්‍යයට ලබා දී එම රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ ආත්ම ගරුත්වයට හානි සිදුවන ලෙස මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් අද(19) කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඔහුගේ කාර්යාලය වටලා ඇති අතර දැඩි විරෝධය මැද ඔහු පොලිස් ආරක්ෂාව සහිතව ඉවත් කර ගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ ඔහු ඊයේ (19) රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් මත්දුව්‍යවලට ඇබ්බැහි වී රෝහල තුළ විවිධ අකටයුතුකම් සිදු කරන බවට මාධ්‍යයට කළ ප්‍රකාශය සහ ඒ සම්බන්ධිතව රෝහල් සේවකයකු මත්ද්‍රව්‍ය භාවිත කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ප්‍රචාරය කිරීමයි.
රෝහල් පරිපාකලයකු ලෙස සේවකයන් යම් අකටයුතුකම්වල නියැළෙන්නේ නම් ඔවුන්ට විරුද්ධව විනයානුකූල පියවර නොගෙන මෙලෙස මාධ්‍ය්‍යට ප්‍රකාශ ලබා දී හේතුවෙන් සමස්ත කණිෂ්ඨ කාර්ය මණ්ඩලයම දැඩි අපහසුතාවකට ලක්ව ඇති බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියෝ ලංකාසරට පැවසූහ. උන් වහන්සේ මෙහිදී තවදුරටත් සඳහන් කර සිටියේ සෞඛ්‍ය කණිෂ්ඨ කාර්ය මණ්ඩලය විසින් දක්වන ලද දැඩි විරෝධය හේතුවෙන් මෙම නිලධාරියා තාවකාලිව එම තනතුරින් ඉවත් කර ගන්නා බවට සෞඛ්‍ය අමාත්‍යංශය ලිඛිත පොරොන්දුවක් ලබා දීමෙන් අනතුරුව විරෝධතාව අවසන් කිරීමට කාර්ය මණ්ඩලය කටයුතු කළ බවයි.