කොවිඞ් වසංගත යළි සක්රිය වීම මත හෙට සහ අනිද්දා පාර්ලිමේන්තු රැස්විම් පවත්වනවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහා පක්ෂ නායකයින් අද (07) තීරණය කිරීමට නියමිතය.
ඊයේද කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්රධානත්වයෙන් පැවති මේ පිළිබඳව පක්ෂ නායතකයන් සාකච්ඡා කර ඇති අතර එහිදී පක්ෂ නායකයන් තීරණය කළේ අද (07) දහවල් නැවත රැස්වී පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරියට ගෙන යාම සම්බන්ධව අවසන් තීන්දුවක් ගැනීමටය.
කෙසේ වුවද අද (07) සිට ඇරඹීමට නියමිතව තිබූ කමිටු රැස්වීම් සියල්ල තාවකාලිකව අත්හිටුවීමට එහිදී තීරණය වී ඇත.