අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“දේශපාලකයන් දාන මාධ්‍ය සංදර්ශන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කළ යුතු නෑ”

රිෂාඩ්ගේ මල්ලි ගැන චමල් රාජපක්ෂගෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

by Lanka Sara Editor
ඔක්තෝබර් 6, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දේශපාලකයන් විසින් සිදු කරන ආකාරයේ මාධ්‍ය සංදර්ශන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සිදු නොකළ යුතු බවත් හිටපු අමාත්‍ය රියාජ් බදූර්දීන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් කළ බව කියන ප්‍රකාශය නුසුදුසු බවත් වාරිමාර්ග සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේනතුවේදී පැවසීය.

ඔහු එම ප්‍රකාශය සිදුකළ යුතුව තිබුණේ විමර්ශන අවසන් කිරිමෙන් පසුව බවත් මේ පිළිබඳව සොයා බලන බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී තවදුරටත් පැවසීය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ අමාත්‍ය චමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ පොලිස් රැඳවුම් භාරයේ සිටි රිෂාඞ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් එයින් නිදහස් කිරීමෙන් ඔහු නිර්දෝශි නොවන බවත් මේ සම්බන්ධ විමර්ශන අඛණ්ඩව සිදුකරන බවත්ය.

එමෙන්ම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් අය අත්අඩංගුවට ගැනීමට සිදුවනු ඇති බවටද ඇමතිවරයා ඉඟි කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අදාළ තැනැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස හයකට ආසන්න කාලයක් රඳවා ගනිමින් විමර්ශන සිදුකළ බවය.

එහිදී ඇමැතිවරයා මෙසේද කීය.

“ඔය කියන පුද්ගලයා 2019.04.21 වන දින කොළඹ සිනමන්ඞ් ග්‍රෑන්ඞ් බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු වන ඉන්සාෆ් අහමඞ් සමග 2019 වසරේ පවත්වනු ලබන ඇමතුම් 7ක සම්බන්ධතාවයක් මත 2020.04.14 වන දින අත්අඩංගුවට ගෙන තිබෙනවා. රඳවාගෙන ප්‍රශ්න කිරීමට ඇති ප්‍රතිපාදන අනුව දින 3ක් රඳවාගෙන ප්‍රශ්න කරලා තියෙනවා. තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා දින 3ක කාලය අවසන් වීමෙන් පසුව මාස 3 බැගින් දෙවතාවක් මාස 6ක කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබා ගෙන විමර්ශන කටයුතු කරලා තියෙනවා. එසේ සිදුකරනු ලැබු විමර්ශන කටයුතු වලදී මෙම සැකකරු බෝම්බ පිපිරවීමට සහය වී ඇති බවට හෝ ත්‍රස්තවාදී ක්‍රියාවලට මෙතෙක් සිදුකර ඇති විමර්ශනවලදී කරුණු අනාවරණය වෙලා නෑ. එබැවින් රැඳවුම් නියෝග අවලංගු කිරීම සඳහා අවශ්‍ය ලිපි ගොනු සකස් කර 2020.09.28 වන දින ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කර සැකකරුව 29 වන දින අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවට ඉදිරිපත් කර මුදා හැරලා තියෙනවා. වෙනම ම ඒකකයක් ස්ථාපිත කරලා තියෙනවා ඒ පිළිබඳ විමර්ශන කරන්න. ඒ අය සියලුම දුරකථන ඇමතුම් 17ක් පමණ තියෙනවා ඒ සියලුම දුරකථන ඇමතුම් අමාත්‍යාංශයේ දුරකථන මඟින් අරගෙන තියෙන්නේ. අවසාන දුරකථන ඇමතුම් ලබා ගෙන තියෙන්නේ මේ සිද්ධියට මාස 3කට පෙර. ඒ නිසා තමයි ඍජුව මේ ගැන සාක්ෂි නැති නිසයි නිදහස් කරන්න තීරණය කරලා තියෙන්නේ.නිදහස් කරයි කියලා ඒක නිර්දෝෂීභාවය නෙමෙයි. පොලීසිය තවදුරටත් මේ ගැන සොයා ගෙන යනවා. විමර්ශනයන් නතර කරලා නෑ. සමහර වෙලාවට ඉදිරියේ දී තව තව අය අත්අඩංගුවට ගන්න පුළුවන්.

ඒ වගේම මෙම තැනැත්තා ත්‍රස්තවාදි ක්‍රියාවට සම්බන්ධ තැනැත්තාට දුරකථන ඇමතුම් ලබාදි තිබෙනවා. ඇතැම් විට ඒ ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් වෙන්නට ඇති.අවසාන දුරකථන ඇමතුම දී තිබෙන්නේ බෝම්බ ප්‍රහාරයට මාස තුනකට පෙරයි. ඒ වගේම පොලිස් විමර්ශන වලදී යම් යම් තැනැත්තන් අත්අඩංගුවට ගන්නට සිදු වෙනවා. විමර්ශන කටයුතු සිදුකරන විට නිවැරදි තොරතුරු නැත්තම් මුදා හරින්නට සිදුවෙනවා. ඒ වගේම නිවැරදි තොරතුරු නැතිව කව්රුත් හිරකරගෙන තියාගන්නට බැහැ.මානව හිමිකම් යන්නට පුළුවන්. කාටවත් අසාධාරණයක් සිදුවෙන්නට බැහැ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන් ප්‍රමාණය 832ක් වේ

Next Post

හෙට-අනිද්දා පාර්ලිමේන්තුව ගැන තීරණය අද

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.