ලලිත් චාමින්ද
මෙරට වැඩිම දහම්පාසල් යන දරුවන් සිටින දිස්ත්‍රික්කය බවට ගාල්ල දිස්ත්‍රික්කය පත්ව ඇති බැව් අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් උපදේශක රාජකිය පණ්ඩිත දොඩම්පහළ ශ්‍රි රාහුල හිමියන් ගාල්ල දිස්ත්‍රික් සමාජිය යටිතල පහසුකම් සංවර්ධන කමිටුරැස්විමේ දි පැවසුහ.
මෙරට දහම්පාසල් අධ්‍යාපනය දරුවන් තුල ගෙනියන්නේ කුමන අයුරින් ද යන්න පිළිබද දිවයිනේ සමස්ත දහම්පාසල් පිළිබද සමික්ෂණයක් සිදුකළ බවත් ඒ අනුව සියයට 98ක් වු වැඩිම දහම්පාසල් යන දරුවන් සිටින දිස්ත්‍රික්කය බවට ගාල්ල දිස්ත්‍රික්කය පත්ව ඇති බවද උන්වහන්සේ පවසති.
අඩුම ප්රවනතාවයක් තිබෙන දිස්ත්‍රික්කය බවට අනුරාධපුර දිස්ත්‍රික්කය පවත්ව ඇති බවද දොඩම්පහළ රාහුල. හිමියන් මෙහිදි පෙන්වා දුන්හ. ගාල්ල දිස්ත්‍රික්කයේ බෞද්ධ දහම්පාසල් 676ක් තිබෙන බවත් එකි දහම්පාසල්වල සිසු දරු දැරියන් 14308 දෙනෙකු ඉගෙනුම ලබන බවද උන්වහන්සේ පැවසුහ.
ලංකාවේ පළමුවැනි දහම්පාසල ද ඕල්කට්තුමා විසින් ගාල්ල වැලිවත්ත විජයානන්ද මහපිරිවෙනේ දි ආරම්භ කළ බවද උන්වහන්සේ මෙහිදි සදහන් කළහ.
පිරිවෙන් මේ වනවිට ආරම්භකොට ඇති බවත් පිරිවෙන් ශිෂ්‍යාධාරය ලබාදිමට කටයුතු කරණ ලෙස සදහන් කළ දොඩම්පහළ රාහුල හිමියන් ගාල්ල දිස්ත්‍රික්කයේ පිරිවෙන් ගුරුවරුන්ගේ හිග වැටුප් ගෙවිම සදහා රුපියල් මිලියන 14ක් අවශ්‍යව ඇති බවද මෙහිදි පෙන්වා දුන්හ.
මෙම අවස්ථාවට ඇමතිවරුන්වන මහාචාර්ය ජි.එල්. පිරිස්, නාමල් රාජපක්ෂ, රමේෂ්පතිරණ, රාජ්‍ය ඇමති මොහාන් පි.දි සිල්වා, ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රිවරුන්වන ෂාන් විජේලාල්ද සිල්වා, සම්පත් අතුකොරළ, ඉසුරු දොඩංගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මෙකි කමිටු රැස්විම ගාල්ල හෝලඩිගොල් ශාලාවේ දි පැවැත්විණි.