2015 වසරේ සිට 2019 වසර දක්වා වසර 04ක කාලයක් තුළ රුපියල් කෝටි එක් දහස් හත්සිය විස්සක සුවඳ විලවුන් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය මෙරටට ආනයනය කරන කර ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් අද (23) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.
එම කාලය තුළ ආනයනය කරන ලද සුවඳ විලවුන් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ ග්‍රෑම් එක්කෝටි තිස් අට ලක්ෂයක් බවද අනාවරණය විය.
රාජ්‍ය ඇමැතිවරයා මේ බව කීවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඞ් මුසම්මිල් විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එලෙස ආනයනය කර ඇත්තේ බාල වර්ගයේ සුවඳ විලවුන් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය බවත් ඒ සම්බන්ධව සොයා බලන ලෙසත් පාර්ලිමේන්තු මොහොමඩ් මුසම්මිල් මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළේය.