පාර්ලිමේන්තු මන්ත්රී රිෂාද් බදියුදීන් මහතාගේ මන්ත්රී ආරක්ෂාවට යොදවා සිටියදී ඔහුට සැඟවීමට සහය දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙක් ඔහුගේ වාහනය සමග අත්අඩංගුවට ගත් අවස්ථාවේ එහි තිබී අනවසර පිස්තෝල දෙකක් ද හමුවී තිබේ.
බලපත්ර පවා නොමැති එම පිස්තෝල දෙක පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇත.
නීතිපතිවරයා විසින් අත් අඩංගුවට ගැනීමට නියෝග කර තිබූ ගණකාධිකාරීවරයා සහ රිෂාද් බදියුදීන් මන්ත්රීවරයාගේ රියදුරා ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.