අත්අඩංගුවට ගත් රිෂාද් බදියුදීන් මහතා කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මන්ත්රීවරයා අධිකරණයට ඉදිරිපත් කර ඇත.
2019 ජනාධිපතිවරණ සමයේ අවතැන්වූවන් ඡන්දය ප්රකාශ කිරීම සඳහා රැගෙනයාමට ලංගම බස්රථ යොදාගැනීම මගින් මහජන මුදල් අවභාවිතය සහ මැතිවරණ නීති උල්ලංගණය කිරීම යන චෝදනා යටතේ ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.
අද අළුයම දෙහිවල ප්රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී රිෂාඩ් බදියුදීන් මන්ත්රීවරයා අත්අඩංගුවට ගැනුණි.