බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අගමැති ඇතුළු මැති ඇමතීන්ට අභයාරාමයෙන් හදිසි කැඳවීමක්

by Lanka Sara Editor
ඔක්තෝබර් 19, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

රජය පත් කිරීම සඳහා කැපවී කටයුතු කළ ප්‍රමුඛ පෙළේ භික්ෂූන් වහන්සේලා විසින් අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු නාරාහේන්පිට අභයාරාමයට කැඳවනු ලැබ ඇත.

එහිදී උන්වහන්සේලා යෝජිත විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පිළිබඳව විවේචනාත්මක අදහස් ඉදිරිපත් කර ඇති අතර, එම අඩුපාඩු වහා සකස් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා හමුවේ අවධාරණය කර ඇත.

ලංකාසරට වාර්තාවන ආකාරයට පසුගියදා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, බෙංගමුවේ නාලක හිමි, ඉදුරාගාරේ ධම්මරතන හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා කිහිප නමක් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් සඳහන් කර යවන ලද ලිපිය ද පෙන්වා එහි සඳහන් කරුණු පදනම් කරගෙන ඒවා වෙනස් කළ යුතු බවට මෙසේ අවධාරණය කර ඇත.

එහිදී උන්වහන්සේලා සඳහන් කර ඇත්තේ ආණ්ඩුව පත්කිරීම වෙනුවෙන් මූලිකව ක්‍රියා කළ භික්ෂූන් වහන්සේලා වශයෙන් මෙම ඉදිරිපත්ව ඇති ව්‍යවස්ථා සංශෝධනය නිසා තමන්ද දෝෂදර්ශනයට ලක්ව ඇති බව ය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊට සහභාගි වූ භික්ෂූන් වහන්සේලා අතර පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි යන හිමිවරු ද සහභාගි වූහ.

එම කරුණු වන්නේ,
(අ) හදිසි පනත් කෙටුම්පත් ගෙන ඒම සඳහා ප්‍රතිපාදන හඳුන්වා දීම.

(ආ) අමාත්‍ය මණ්ඩලය, නියෝජ්‍ය අමාත්‍යවරුන් හා කැබිනට් නොවන ඇමතිවරුන් හා ඔවුන්ගේ ලේකම්වරුන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන උපලේඛණයේ සඳහන් දේශය තුල වෙනම රාජ්‍යයක් ඇති නොකරන බවට පොරොන්දු වෙමින් ලබා දිය යුතු ප්‍රතිඥාව ව්‍යවස්ථාවේ 53 වගන්තියෙන් ඉවත් කිරීම.

(ඇ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වීම සඳහා පනවා ඇති ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ බාධකය ඉවත් කිරීම.

(ඈ) විගණකාධිපතිවරයාගේ විෂය පථයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති ලේකම් කාර්යාලය හා රජය විසින් සියයට 50ක් කොටස් දරන සමාගම් ඉවත් කිරීම.

(ඉ) ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් හා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින්ව පත් කිරිමේ අභිමතානුසාරි බලයක් ජනාධිපති වෙත ලබා දීම.

(ඊ) මැතිවරණ කොමිෂන් සභාව විසින් හා නීතිය මගින් පනවන විධිවිධාන උල්ලංඝණය කරන තැනැත්තන්ට එරෙහි ව අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීමට ඇති හැකියාව ඉවත් කිරීම.

(උ) ඇමතිවරුන්ගේ ගණන 30කට සීමා කිරීමෙි වගන්ති ඉවත් කිරීම යන ඒවාය.

මේ පිළිබඳව ප්‍රතිචාර දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද සවස පැවැත්වීමට නියමිත ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමේදී මේ පිළිබඳව අවධානයට යොමු කිරීමටත් උන්වහන්සේලා විසින් දක්වන ලද කරුණු කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමටත් භික්ෂූන් වහන්සේලා හමුවේ පොරොන්දු වී ඇත.

මෙම හමුවට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග යන මැති ඇමැතිවරුන් සහභාගි වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රිෂාඩ් රිමාන්ඩ්

Next Post

අද දිනට මිනුවන්ගොඩ පොකුරේ කොවිඩ් ආසාදිතයන් 87යි.. මුලු ගණන 2162

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.