රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ පැන ගිය බවට පොලිසිය විසින් නිවේදනය කළ කොරෝනා ආසාදිත පුද්ගලයා එම රෝහලේම බාහිර රෝගී අංශයේ සිටියදී හමු වූ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මාධ්‍යයට පවසා තිබිණි.
රාජවාසලදේආලලාගේ දොන් සරත් කුමාර නැමැති මේ 62 හැවිරිදි පුද්ගලයා නුවරපාර පෑලියගොඩ පදිංචිකරුවෙක් වූයේය.
පොලිසිය කීවේ මෙම පුද්ගලයා ඊයේ (6) රාත්රියේදී රෝහලින් පැන ගිය බවය.