- කිසිම ස්වභාවික තත්වයක බලපෑමක් නෑ… ඉදිකිරීම් අතිශයින්ම දුර්වලයි… ඒ නිසා මෙය ස්වභාවික විපතක් නොවෙයි.. අවසන් කමිටු වාර්තාව කියයි…
- ස්වභාවික නොවන විපත්වලට මැදිහත් වෙන්න නීතිමය ප්‍රතිපාදන නෑ… සුන්බුන් ඉවත්කරන්න වියදම් වූ ලක්ෂ 25 අය කරගන්න නඩු යනවා…. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි….
මහනුවර බූ වැලිකඩ පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටී තුන්දෙනෙකුට මරු කැඳවීමේ සිද්ධියට කිසිම ස්වභාවික තත්වයක් බලපා නැති බවත් බිඳ වැටීමට සම්පූර්ණයෙන්ම ගොඩනැගිල්ලේ අස්ථාවර ඉදිකිරීම් නිසා සිදු වූ බවත් මේ පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ අවසන් කමිටු වාර්තාව තහවුරු කරයි.
මේ බව තහවුරු කිරීම සඳහා කමිටුව සිය වාර්තාවේ පිටු 24ක්ම වෙන්කර තිබේ.
ඒ අනුව මේ වනවිට මෙම ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීමෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා විදයම් කළ රුපියල් ලක්ෂ 25ක මුදල නැවත අය කරගැනීමට කටයුතු කරන බව ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට මැදිහත්වීමට නෛතික ප්‍රතිපාදන ඇත්තේ ස්වභාවික විපතකින් සිදුවන හානි සඳහා පමණක් බවත්, බූවැලිකඩ සිදුවී ඇත්තේ ස්වභාවික විපතක් නොවන බැවින් එම මුදල් අය කරගැනීමට අවශ්‍ය කඩිනම් නෛතික ක්‍රියාවලියකට එළඹෙන බවත් එම මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.
එමෙන්ම මේ වාර්තාවත් සමග මෙම නඩුවේ ස්වරූපය වෙනස් වන බවත්, ලබන නඩු වාරයේ දී මෙම කමිටු වාර්තාව උසාවියට ඉදිරිපත් වූ විට විත්තිකරුට එරෙහිව ක්‍රියාත්මක වන්නේ අපරාධ නීතිය බවත් නීති අංශ පෙන්වා දෙයි.
දැනට මෙම ගොඩනැගිල්ලේ හිමිකාර නිමල් ලෙව්කේ මහනුවර පළාත්බද අධිකරණයේ නියෝගය පිට අප මත නිදහස්ව හිඳී.