ජනතාවට කාර්යක්ෂම භාණ්ඩ ප්‍රවාහන සේවාවක් ලබාදීමට පුද්ගලික බස් රථ සේවාව සම්බන්ධ කරගැනීමේ සැලසුමක් පිළිබද මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති හසිත විජේතිලක පවසයි.
මෙම සේවාව ආරම්භ කිරීම පිළිබඳව අවසන් තීන්දුව ගැනීම සදහා ජාතික ප්‍රවාහන කොමිෂමේ සභාපති ශෂී වෙල්ගම ගේ ප්‍රධානත්වයෙන් පළාත් නවයෙහිම සභාපති වරුන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් මෙම මස 29 දා අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිත බව ද ඔහු කීවේය.
උතුරු මැද පළාත් ප්‍රවාහන අධිකාරියේ සභාපති නිලන්ත ඒකනායක කළ යෝජනාවකට අනුව පළාත් නවයේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන්හි සභාපතිවරුන් මේ වන විට අලුතින් ආරම්භ කිරීමට නියමිත මෙම සේවාව වඩාත් විධිමත් අයුරින් සිදු කරන ආකාරය පිළිබඳව අධ්‍යයනයක නිරතව සිටින බවද ඔහු කීය.
රට පුරා සාර්ථක අයුරින් පවත්වා ගෙන යා හැකි මෙම භාණ්ඩ ප්‍රවාහන සේවාව මගින් බස් රථ හිමියන්ට අමතර ආදායමක් උපයා ගත හැකි වන අතර ජනතාවට වඩාත් කාර්‍ය්ක්ෂමව අඩු මුදලකින් තම සේවා අවශ්‍යතාව සපුරා ගැනීමේ හැකියාව ලැබෙන බව ද කිය.