පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලෙන ජනාධිපති කොමිසමේ විමර්ශන ඒකකයට ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙනී සිටින ලෙස කැඳවා තිබූ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.
කෙසේවෙතත් අද දිනම ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා කැඳවා තිබූ නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා අද එම ඒකකයට පැමිණ සාක්ෂි ලබාදීමට නියමිතය.
අත්‍යවශ්‍ය කටයුත්තක් යෙදී ඇති බැවින් වෙනත් දිනෙක ප්‍රකාශ ලබාදීම සඳහා පැමිණි බව රනිල් වික්‍රමසිංහ මහතා එම විමර්ශන ඒකකයට දන්වා ඇතැයි වාර්තා වේ.
පසුගිය ආණ්ඩුවේ හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වූ රුවන් විජයවර්ධන මහතා මීට පෙර මෙම විමර්ශන ඒකකයට සාක්ෂි ලබා දුන්නේ ය.
එමෙන්ම ලබන 26 වෙනිදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෙම විමර්ශන ඒකකය වෙත කැඳවා තිබේ.