සුසන්ත අමරබන්දු –
පසුගිය 24 වනදා අක්කරපත්තු නගරයේ බස් නැවතුම්පොළේ සහ පොදු වෙළඳ පොලේ අහඹු ලෙස සිදුකරන ලද පි.සි ආර් පරීක්ෂණ 23කින් ආසාදිතයන් 10 දෙනෙක් හමුවීමත් අනතුරුව අද (26) දහවල් කරන ලද රැපික් ටේස්ට් 150කින් ආසාදිතයන් 21 දෙනෙක් හමුවීමත් සමග මෙම ප්‍රදේශය අවදානම් කලාපයක් ලෙස සලකා කටයුතු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
මේ සිදුවීම වාර්තා වීමත් සමග කල්මුණේ අධ්‍යාපන කලාපයේ පාසල් සියල්ල වසා සතියක් දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් තීරණය කර තිබිණි.
ඒ අනුව වහාම ක්‍රියාත්මකවන පරිදි වසා දමන පාසල් නැවත විවෘත කරන දිනය පසුව දැනුම් දෙන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය නිවේදනය කර ඇත.