මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ covid-19 ආසාදිත බවට ප්‍රකාශ වුණු ආසාදිතයන් අතර දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලයේ කිසිදු පුද්ගලයකු නොමැති බව දළදා මාළිගාවේ මාධ්‍ය කාර්යාංශයේ අධ්යක්ෂ ක්‍රිෂාන්ත පුස්සැල්ල මහතා සදහන් කරයි.
දළදා මාලිගාවේ පොලිසියේ නිලධාරීන් පිරිසක් ආසාදනයට ලක්ව ඇති අතර සෙසු නිලධාරීන් නිරෝධනයට යොමු කර ඇත.
මෙතෙක් කාර්යමණ්ඩලයේ කිසිදු පුද්ගලයකු කොවිඩ් ආසාදනයට ලක්ව නොමැති බව පුස්සැල්ල මහතා ලංකාසරට පැවසීය.