ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නොමැතිව ගම්පහ දිස්ත්‍රික්කය තුළ පමණක් කොවිඩ් ආසාදිතයන් 180 දෙනෙක් නිවෙස්වල සිටින බව ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පවසයි.
මේ රෝගීන් අතර ගැහැණු ආසාදිතයන් 113ක් හා පිරිමි ආසාදිතයන් 67ක් සිටින බව වාර්තා වේ.
සමහර රෝගීන් දින 09ක කාලයක් තිස්සේ මෙසේ නිවෙස්වල රැඳී සිටින බව එම ආරංමාර්ග සඳහන් කරයි.
අද දහවල් වනවිට දුර ප්‍රදේශවල ප්‍රතිකාර මධ්‍යස්ථාන කීපයකට මෙම රෝගීන්ගෙන් සුළු පිරිසක් යොමු කරගත හැකි වනු ඇති බවත් එහෙත් මේ සම්පූර්ණ රෝගීන් සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් නැති බවත් ඔවුහු කියති.
මේ තත්වය තුළ බොහෝ විට පෙරවාරි 2 සතිය වනවිට කොවිඩ් ආසාදිතයන් ද නිවෙස් තුළ රඳවා තැබීමට වනු ඇතැයි එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.