කුරුණෑගල නගරසභාවේ සුළු සේවක පිරිසගෙන් සේවකයින් 8 දෙනෙකු කොවිඩ් ආසාදනය වී ඇති තහවුරු වීමත් ඔවුන් නගරය පුරා විශාල වපසරියක සංචරණය කර ඇති බව තහවුරු වීමත් සමග කුරුණෑගල නගරය වසා දමන්නට සෞඛ්‍ය අංශ තීන්දු කළේය.
මෙම සේවකයන් ඉතා වැඩි තදබදයක් සහිත විල්ගොඩ ප්‍රදේශයේ ජීවත්වන බවත් එම ප්‍රදේශය මේ වනවිට සංචරණ සීමා පනවා ඇති බවත් වාර්තා වේ.
මේ වනවිට මේ ආසාදිතයන් පිරිසගේ ආශ්‍රිතයන් සොයාමින් ඔවුන් ස්වයං නිරෝධායනයට ලක් කරන කටයුතු ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ තත්‍ය තුළ කුරුණෑගල නගරයේ සියලුම වෙළඳසල් නැවත දැනුම් දෙනතුරු වසා තබන්නට නියම කර තිබේ.