දිනසේන රතුගමගේ –
කච්චතිව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනී මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්ලය කොරෝනා වුවදුර හේතුවෙන් අවලංගු කිරීම නිසා යාපනයේ කිතුණු පියතුමන්ලා කීප දෙනෙකු විසින් 27 දා එම දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයක් පමණක් පවත්වනු ලැබීය.
නාවික හමුදාව විසින් එම පූජකවරු පිරිස කච්චතීව් දූපත වෙත රැගෙන යන ලද අතර විශේෂ දේව මෙහෙයට යාපනයේ නාවික හමුදා නිලධාරීහු ද සහභාගී වී සිටියහ.
1974 වසරේ කච්චතීව් දූපත ශ්රී ලංකාවට පවරා දීමෙන් පසුව එම දූපතේ පිහිටි ශාන්ත අන්තෝනී මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්ලය අවලංගු වූ ප්රථම අවස්ථාව මෙය වෙයි.